යහපාලන ආණ්ඩුවේ ඉහළ තැනකට අතිශය සමීප හිතවත්කමක් ඇති අධිකරණ සංඝනායක හිමිනමක් බන්ධනාගාරයට ගෙන්වා, උන්වහන්සේ අනුමැතිය දුන්නේයැයි හගවා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ චීවරය ගලවා දැමීමට සැලසුමක් ඇතැයි වාර්තා වනවා.
බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරන්නේ අදාල හිමිනම අද දිනයේ බන්ධනාගාරයට ගෙන්වීමට නියමිත බවයි.
මේ වන විට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ගේ චීවරය ගලවා ජම්පරය ඇන්දවීමට බන්ධනාගාර නිලධාරීන් උත්සහා කර ඇතත්, උන්වහන්සේ එය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා.
කෙසේ හෝ ඤාණසාර හිමියන්ගේ චීවරය ගලවා දමා උන්වහන්සේ භික්ෂුත්වය අහෝසි කළ යුතුයැයි ආණ්ඩුවේ ඉහළමපෙළේ කිහිප දෙනෙකු දැඩි මතයක සිටින බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.