World

වතිකානුවේ අපචාර ගැන පාප් තුමා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි

131225124413_pope_francis_640x360_bbc

වතිකානය සහ රෝමයේ නගර සභාව තුළ මෑතදී සිදුව ඇති දූෂණ වංචා පිළිබඳ ෆ්‍රැන්සිස් පාප් තුමා ප්‍රසිද්ධියේ සමාව අයැද සිටි බව බීබීසී ලෝක සේවය වාර්තා කරයි.

සමලිංගික සම්බන්ධයක් පවත්වා ගෙන ආ පෝලන්ත ජාතික පූජකවරයකු වතිකානයේ ඔහු දැරූ තනතුරෙන් පසුගියදා පහ කෙරුණ අතර, පාප් තුමා සිය ප්‍රකාශයේදී එම පූජකවරයා අදහස් කරන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

කණස්සල්ල යොමු වෙමින් ඇති අනිත් සිද්ධිය දූෂණ සහ වංචා චෝදනා යටතේ රෝමයේ නගරාධිපතිවරයා මේ සතියේදී ඉල්ලා අස්වීමයි.

වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේදී සිය බැතිමතුන් ඉදිරියේ සතිපතා කෙරෙන දේශනයේදී පාප් තුමා මෙසේ ප්‍රසිද්ධයේ සමාව අයැදීම ඉතා කලාතුරකින් සිදුවන්නක් බවයි වතිකානයේ බීබීසී වාර්තාකරු පවසන්නේ.

https://www.youtube.com/watch?feature=player_embedded&v=iaKqvZ0kOq4

Related posts

රුසියානු ජනපති එරට ප්‍රකෝටිපතියන්ගෙන් කළ විශේෂ ඉල්ලීම

Admin

ඇෆ්ගනිස්තානයේ 08 වන පළාත් අගනුවරත් තලෙයිබාන් සංවිධානය ආක්‍රමණය කරයි

colombotoday

ඔස්ට්‍රියාවේ මුස්ලිම් සිතියමක් ප්‍රසිද්ධියට පත්කරයි.

colombotoday

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඇරඹෙයි..

Admin

ලාංකික බිරිය මරා කාන්තාරයේ සැගවූ ඇමරිකානුවාට සෞදි ශරීයා අධිකරණයෙන් වසර 5ක සිර දඩුවමක් !

colombotoday

උතුරු ටැන්සානියාවේ පතලක නායයාමක් – 22 ක් මරුට

Admin