Colombo Today Local News

රිෂාඩ් බදියුදීන් මහා සංඝරත්නයට අභියෝග කරයි… ජනපති-අගමැතිටත් අනතුරු අගවයි

විල්පත්තුව කපා මුස්ලිම් ජනතාව එහි පදිංචි කර ඇති බවටත්, අරාබි කොලණියක් හදා ඇති බවටත් භික්ෂූන්වහන්සේලා චෝදනා කරන බවත් හැකිනම් විල්පත්තුවේ එක බිම් අගලක හෝ මුස්ලිම් ජනතාව පදිංචි කර ඇති බවට ඔප්පු කරන ලෙසත් හැකිනම් ඔවුන් එම ප්‍ර දේශයෙන් එළවා දමා පෙන්වන ලෙසත් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අභියෝග කරයි.

විල්පත්තුව පිලිබදව කොමිසමක් පත්කරන්නැයි තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් පවසන ඇමතිවරයා, ලැබූ ජනවරම පරිදි ක්‍රියා කරන්නැයි නායක දෙපළටම දන්වා සිටින බවද කියා සිටියේයේ. ගිය ආණ්ඩුව කළ වැරැද්ද මේ ආණ්ඩුවත් කළහොත් ජනතාව පාඩමක් ඉගැන්වීමට සූදානම්ව සිටින බවද හෙතෙම අනතුරු අගවා සිටියේය.

විල්පත්තු රක්ෂිත ප්‍රේරක කළාපයට අයත් රක්ෂිත වනාන්තර එළිපෙහෙළි කරමින් පිටස්තර පුද්ගලයන් ගෙනැවිත් පදිංචි කර ඇති බවට විගණකාධිපති වාර්තාවක් මගින්ද හෙළිකර තිබුණු අතර, පරිසර සංවිධාන විසින්ද රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාගේ විල්පත්තු සංහාරය පිළිබදව සාක්ෂි සහිතිවම අවස්ථා කිහිපයකදීම හෙළිදරව් කර තිබිණි.

Related posts

රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඡන්ද 117කින් සම්මතයි

colombotoday

දුම්රිය හෙට සිට ගමනේ – ගොඩවිය හැක්කේ අත්‍යවශ්‍ය සේවාවල අයට පමණයි

colombotoday

සෞදි අධිකරණය ලාංකික කතගේ නඩුව නැවත අසයි

colombotoday

අජිත් පී. පෙරේරා සහ සරත් ෆොන්සේකා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවතට

colombotoday

නිවසක බිත්තියක් කඩා වැටී දරුවකු මරුට

colombotoday

MIG 27 චෝදනාව ගැන ගෝඨාභයගෙන් විශේෂ ප්‍රකාශයක් !!

colombotoday