Colombo Today Local News

රන්ජන් කියන්නේ බොරු… නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදිනිය පිළිතුරු දෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චයිනා හාබර් සමාගමට අයත් පෞද්ගලික බැංකු ගිනුමකින් මුදල් ලබාගත් බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත හරහා සිදුකළ අනාවරණය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිදුකළ ප්‍රකාශයට නිව්යෝක් ටයිම්ස් පුවත්පත් වාර්තාව සකස්කළ මාධ්‍යවේදිනිය පිළිතුරු ලබා දී තිබේ.

මාධ්‍යවේදිනී මරියා අභිහබ් සිය ට්විටර් ගිනුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ සිදුකළ අණාවරණය කිරීම්වලට අදාල ප්‍රවෘත්ති මූලාශ්‍ර තමා හෙලිකර නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා තමා දුරකථනය ඔස්සේ පැවසූ දෙය වෙනත් ආකාරයකට ප්‍රකාශ කර ඇති බවත් ය. එමෙන්ම දේශපාලන මඩ ගැසීම්වලට සහය දීමට තමාට කිසිත් අවශ්‍යතාවක් නොමැති බවත් ඇය පවසා තිබේ.

මේ අතර චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ මෙම පුවත සම්බන්ධව චීන තානාපති කාර්යාලයේ අවධානය යොමුව ඇති බවත් ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග සිදුකෙරෙමින් පවතින බවත් ය. මෙම තත්වයන් ශ්‍රී ලංකා චීන සහයෝගීතාවයට බලපෑම් නොවන බවත් චීන තානාපති කාර්යාලය පවසා සිටියි.

Related posts

මෙම වසරේ වැඩිම අපනයන මාසික ආදායම අගෝස්තු මාසයේදී

Admin

නගරබද විහාරස්ථාන වලින් ලංවිමට මිලියන 29ක් පොලු – මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් හෙළිදරව්වක්

colombotoday

මහින්ද අගමැතිකම ගත්තෙ ඊළග ඡන්දෙ හිරේ ඉදන් කරන්න වෙන නිසයි…

colombotoday

එළැඹෙන දීර්ඝ සති අන්තයේ ප්‍රවේසම්වන්න – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

පළාත්සභා මැතිවරණයට දින තීන්දු වෙයි

colombotoday

රනිල් සමග වැඩ කරන්න බැරිනම් ජනපති ඉල්ලා අස්විය යුතුයි…

colombotoday