Colombo Today Local News

පැරකුම් යුගයක්‌ යළි අරඹනවා – අගමැති රනිල් වික්‍රමසිංහ කියයි

මෙරට නැවතත් පැරකුම් යුගයක්‌ ඇති කිරීමට ක්‍රියා කරමු යෑයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29දා) පැවසීය.

ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන  ආයතනයේ විධායක අධ්‍යක්‌ෂවරයකු වූ අභාවප්‍රාප්ත ආචාර්ය සමන් කැලේගම අනුස්‌මරණ සම්මන්ත්‍රණයට සහභාගි වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් පිළිබඳ විශේෂඥයකු මෙන්ම ප්‍රකට ආර්ථික විශේෂඥයකු වූ ආචාර්ය සමන් කැලේගම මහතා අනුස්‌මරණය කිරීම සඳහා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය ආර්ථික වර්ධනය සහ ස්‌ථාවරත්වය සඳහා දේශීය, ජාත්‍යන්තර අවස්‌ථා හා අභියෝග කළමනාකරණය යන මැයෙන් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබිණි.

එහි මුඛ්‍ය දේශනය පවත්වමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාව අවට සාගර කලාපය තුළ පිහිටි රටවල ජනගහනය ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින නිසා ඉන්දියානු සාගර කලාපය ආර්ථිකමය මෙන්ම හමුදාමය අතින්ද දැඩි වටිනාකමක්‌ නුදුරේදීම අත්කර යනු ඇතැයිද මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙම කාලයේදී ජනගහනය වැඩි වීම නිසා ශ්‍රී ලංකාවට භාණ්‌ඩ හා සේවා සැපයීමට වැඩි අවස්‌ථා ප්‍රමාණයක්‌ ලැබීම ඉතා වාසිදායක බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර හම්බන්තොට වරාය ද එහිදී වැදගත් කාර්ය භාරයක්‌ ඉටු කරන බැවින් දකුණේ ප්‍රධාන හමුදා මූලස්‌ථානය එහි පිහිටුවීමට තීරණය කර ඇතැයිද කී අගමැතිවරයා චීන හමුදාව හම්බන්තොට වරායට කැඳවීමට සිදුවන බව කියන චෝදනාව ප්‍රතික්‌ෂේප වන බවද කීය.

හම්බන්තොට වරාය ආශ්‍රිතව තෙල් පිරිපහදුවක්‌, නැව් තටාකාංගණයක්‌ ඇතුළු ආර්ථික කලාපයක්‌ පිහිටුවෙනු ඇති බවත් ඒ අනුව ‘පැරකුම් යුගයක්‌ නැවතත් අරඹව් නිජ භූමි තලේ ලංකා’ යන ප්‍රසිද්ධ ගීතය තම මතකයට නැඟෙන බවත් එම මූඛ්‍ය දේශනය අවසන් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

අද විදුලිය කැපෙන කාලසටහන මෙතැනින්

colombotoday

රාජ්‍ය ආයතනවල සේවය කරන ගර්භනී මවුවරුන් සේවයට කැඳවීම අත්හිටුවයි

colombotoday

යහපාලන ආණ්ඩුව කෝටි 1140ක ඖෂධ මිලදී ගැනීම් ගැන සීඅයිඞී පරීක්ෂණයක්

colombotoday

ප්‍රධාන පෙලේ මුස්ලිම් ව්‍යාපාරයක් වන ක්‍රිස්බ්‍රෝ කුකුල් මස් කොරෝනා වාහකයෙක්දැයි සැකයක්?

colombotoday

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ගමන කුජිත කර අත ලකුණ ජයග‍්‍රහණය කරවනවා

colombotoday

චීන්නුන්ට දුන් සයිනොෆාම් එන්නත්තේ ඉතිරිය ලාංකිකයන්ටත් දෙන්න යයි | නව ප්‍රභේදයේ රෝග ලක්ෂණ එන්නේ පෙනහළුවලට හානි වූ පසුවයි.

colombotoday