Colombo Today Local News

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර වහා අධීකරණය ඉදිරිපත් කරන ලෙස රීට් ආඥාවක් ඉල්ලා බිරිඳ අභියාචනාධිකරණයට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ සහ නායකවරයකුව සිටි සිය සැමියා වන රෝහණ විජේවීර මහතා අතුරුදන් වි වසර ගණනාවක් ගතව ඇති බවත් එබැවින් ඔහුව වහා අධීකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් සඳහන් කරමින් හබයාස්කොපුස් රීට් ආඥාවක් ඉල්ලා විජේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මහත්මිය අද (29) අභියාචනාධිකරණය හමුවේ හබයාස්කෝපුස් පෙත්සමක් ගොනු කළේය.
නීතීඥ සේනක ටයිටස් මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ ඇත්තේ හිටපු ජනාධිපති ලේකම්වරයකු වන කේ.එච් විජේදාස, හිටපු යුද හමුදාපතිවරයකු වන හැමිල්ටන් වනසිංහ, මේජර් ජනරාල් ජානක පෙරේරා, කපිතාන් ගාමිණි හෙට්ටිආරච්චි ඇතුළු 11 දෙනකුය.

Related posts

“පොහොට්ටුවේ ඉන්නේ මෝඩ වහල්ලු ටිකක් – එජාපයේ ඉන්නේ උගත් බුද්ධිමතුන්”

colombotoday

රනිල්ට උපදෙස් දුන් සමාගමකට ගෙවන්න ‘රුපියල් කෝටි 12ක්’ ආණ්ඩුවෙන් ඉල්ලයි

colombotoday

හම්බන්තොට නගරාධිපති අත්අඩංගුවට

colombotoday

ප්‍රධාන ජාතික පාසල් සදහා නව විදුහල්පතිවරු පත් කෙරේ

colombotoday

පලස්තීන ජාතිකයෙක් අත්අඩංගුවට

Admin

බදුර්දීන්ගේ විල්පත්තු මුස්ලිම් කොලණියට අරාබිකාරයෝ උඩින් පාත්වෙන හැටි (Video)

colombotoday