Colombo Today Local News

කොටි නිලඇදුම්, කොඩියක්, බෝම්බ තොගයක් රැගෙන යමින් සිටි පිරිසක් මුලතිව්හිදී අත්අඩංගුවට

මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ කොටි සංවිධානයට අයත් නිල ඇඳුමක්, කොටි සංවිධානයට අයත් කොඩියක් සහ බෝම්බ ඇතුලු යුද උපකරණ තොගයක් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බවට ඔඩ්ඩුසුඩාන් පොලීසිය කියා සිටියේය.

ඔඩ්ඩුසුඩාන් පේරාරු මන්සන්ධිය ප්‍රදේශයේදී මාන්කුලම් පොලීසියට අයත් රථවාහන පොලිස් නිලධාරීන් පිරිසක් ඊයේ රාත්‍රියේ මුර සේවයේ යෙදී සිට ඇති අතර එම අවස්ථාවේදී පැමිණි ත්‍රී රෝද රථයක් පරික්ෂා කිරීමට යාමේදී ත්‍රී රෝද රථය නොනවත්වා ධාවනය කොට ඇති අතර පසුව රථවාහන පොලිස් නිලධාරීන් විසින් අදාල ත්‍රී රෝද රථය ලුහුබඳින අවස්ථාවේදී එහි සිටි එක් අයෙකු පලා ගොස් ඇති අතර ත්‍රී රෝද රථයේ රියදුරු හා තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට රථවාහන පොලිස් නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

පසුව අදාල ත්‍රී රෝද රථය පරික්ෂා කිරීමේදී කොටි සංවිධානය විසින් භාවිතා කරන ලද නිල යුද ඇඳුමක්, කොටි සංවිධානයේ කොඩියක්, ක්ලේමෝ බොම්බයක් , අත්බොම්බ තොගයක් ඇතුලු  යුද උපකරණ තොගයක් තිබී අත්අඩංගුවට ගැනීමට පොලීස් නිලධාරීන් පියවර ගෙන ඇත.

කෙසේ නමුත් යුද සමයේදී කොටි සංවිධානය විසින් භාවිතා කරන ලද මෙම යුද උපකරණ නැවත මෙලෙස රැගෙන යාම පිළිබඳව ආරක්ෂක අංශ වල දැඩි අවධානයකට යොමුව ඇති අතරම ත්‍රී රෝද රථයේ සිට පලා ගිය සැකකරුද අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශයේ සිටින සියලුම පොලිස් නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන් එක්ව අද (22) අළුයම සිට පුලුල් සෝදිසි මෙහෙයුමක් මේ වන විට ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

UPDATE: උඩුවේ හිමියෝ 17 දක්වා රිමාන්ඩ් !

colombotoday

මා ආර්ථික පඬිවරයෙක්.. ගරා වැටුණු ආර්ථිකය ගොඩ අරන් මං අගමැති වුනාම සෑම පවුලකටම රුපියල් 20,000 ක ආධාරයක් ලබා දෙනවා

colombotoday

මැ:කො ගැන හොයන්න කාරක සභාවක් පිහිටුවීමට මැතිසබයට යෝජනාවක්

Admin

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අදාලව තවත් ආසාදිතයින් 51ක්

colombotoday

සා.පෙළ ප්‍රවේශපත්‍ර බෙදාහැරීම අද සිට

colombotoday

අපට සිංහල බෞද්ධ පදනම නැතිවුණා !

colombotoday