Colombo Today Local News

සයිටම් සිසුන් 982ක් කොතලාවල වෛද්‍ය පීඨයට අනුයුක්ත කෙරෙන පනත සම්මතයි

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශීෂ්‍ය ශිෂ්‍යාවන් 982 දෙනෙකු ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත කෙරෙන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල  ආරක්ෂක විශ්ව විද්‍යාලය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (21)  සංශෝධන සහිතව සම්මත විය.

පනත් කෙටුම් පත උසස් අධ්‍යපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ  මහතා විසින්  විවාදය සඳහා ඉදිරිපත් කෙරිණි.

පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් අදහස් දැක්වු  උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සයිටම් සිසුන් කොතලාවල පීඨයට ඇතුළත් කළ පසු සයිටම් වෛද්‍ය පීඨය සම්පූර්ණයෙන්ම අහෝසි වන බව ප්‍රකාශ කළේය.

ඒ ආයතනයට මින් පසු වෛද්‍ය උපාධිය නිකුත් කළ නොහැකි බව කී ඇමතිවරයා ඊට අදාළ වගන්ති මේ පනත් කෙටුම්පතට ඇතුළත් කළ බවද පැවසීය.

ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක්ම මේ පනතට පක්ෂව අදහස් දැක්වීම වි‍ශේෂයකි.මැතිසබයෙදී සවස 1:30 ට පමණ ආරම්භ වුණු විවාදය සවස 6 : 30  දක්වා පැය 05 පුරා පැවැත්විණි.

Related posts

15 හැවිරිදි දැරිය අලෙවි කිරීමට යොදාගත් වෙබ් අඩවි හතරක් තහනම් කරයි

colombotoday

කොරෝනා යැයි සැක 212ක් රටපුරා රෝහල්වල… අලුත්ම වාර්තාව මෙන්න !

colombotoday

ETCA ගිවිසුමනම් ගහනවාමයි.. හනුමලාට වන්නම් නටන්න ඉඩ දෙනවා.. රට ගිනිතියන්න දෙන්නෑ

colombotoday

ලොක බැංකුවෙන් ලංකාව ගැන පුරෝකථනයක්

Admin

තනපට ගැලවූ සංගීතය ගැන ප්‍රධාන සංවිධායක මහේල-සංගා සමාව ඉල්ලයි

colombotoday

“යහපාලනයට“ අදට තුන් වසරයි.. ජනපති මෛත්‍රීට ඉතිරිව ඇත්තේ තව එක ජනවාරි 8ක් පමණයි

colombotoday