World

ඇමරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග අද (19) සඳහන් කළේය.

ජීනිවා පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රතිසංස්කරණයකට ලක්විය යුතු යැයි ඇමෙරිකා එක්සත් ජනපදය නිරන්තරයෙන් සඳහන් කළ අතර එසේ නොකළහොත් ඉන් ඉවත් වන බවට මීට පෙර අවස්ථා කිහිපයකදීම අවධාරණය කළේය.

ඇමෙරිකා එක්සත් ජනපද නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල නිලධාරීන් අතර පසුගිය සතියේදී සාකච්ඡා කිහිපයක් පවත්වා තිබේ. ඇමෙරිකා එක්සත් ජනපද ඉල්ලීම් සපුරාලීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල නිලධාරීන් අසමත් වී තිබෙන අතර ඒ හේතුවෙන් අදාළ සාකච්ඡා අසාර්ථක වී තිබේ.

ඒ අනුව ට්‍රම්ප් පරිපාලනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වනු ඇතැයි එම රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

ට්‍රම්ප් පරිපාලනය ආරම්භයේ සිටම ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු විවිධ සංවිධාන අතර අර්බුද ඇතිවිය. ඇමෙරිකා ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විවේචනය කළ අතර විවිධ කරුණු සම්බන්ධයෙන් එම සංවිධානයට බරපතළ චෝදනා ද එල්ල කළේය.

ඇමෙරිකා ජනාධිපතිවරයාගේ සංක්‍රමණික ප්‍රතිපත්ති හේතුවෙන් ඇමෙරිකා-මෙක්සිකෝ දේශසීමාවේදී දරුවන් මාපියන්ගෙන් වෙන් වීම ද ඉකුත් දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන්ගේ විවේචනයට ලක්විය.

මීට පෙර ජෝර්ජ් ඩබ්. බුෂ් ජනාධිපතිවරයාගේ ධුර කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපදය වසර තුනක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වර්ජනය කළේය. ඇමෙරිකාව නැවත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට එක්වූයේ ජනාධිපති බැරැක් ඔබාමාගේ ධුර කාලයේදීය.

වොෂින්ටන්හිදීය (රොයිටර්)

Related posts

ප්‍රථම වරට ඌරෙකුගේ වකුගඩුවක් සාර්ථව මිනිසෙකුට බද්ද කරයි

colombotoday

අමුතුවට හැසිරෙනු බැටළු රංචුව ගංජා කිලෝ 100ක් කාලා

Admin

“ඇමරිකාවේ මුස්ලිම් පල්ලි වහාම වසා දැමිය යුතුයි” ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

colombotoday

ට්‍රම්ප්ට Twitter – Facebook තහනමක්

colombotoday

මුස්ලිම් රටවල් 6කට ඇමරිකාව තහනම් !

colombotoday

ඇමරිකාවට බෝම්බ ප්‍රහාරයක් !

colombotoday