Colombo Today Local News

“සමහරු ගෝඨාභයව ෆේස්බුක් එකේ ජනාධිපති කරලා.. ජනපති අපෙක්ෂකයා තෝරන්නේ මමයි” – මහින්ද

ඇතැමුන් විසින් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ‘ෆේස්බුක් ජනාධිපති’ කර ඇතැයි පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්දැයි තීරණය කරන්නේ තමා බව කියා සිටියි.

මහින්ද රාජපක්ෂ මහතා ඊයේ මහනුවරදී එම කාරණය පැවසූ බැව් ලංකාදීප අද (16) පුවත්පතේ පලවී ඇත.

”සමහරු ෆේස්බුක් හරහා ජනාධිපති අපේක්ෂක ලෙස ගෝඨාභය තොරාගෙන අරක කලා මේක කලා කියලා බොරු කියනවා, සිරිසේන ජනාධිපති තුමා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුනේ හිටපු ගමන්මයි, කවුරුත් දන්නේ නැහැ එතුමා එන බවක්…

ජනාධිපති අපේක්ෂකයා නම් කරන එක පසුව දන්වනවා, ඒක ඒ අවස්ථාවේදි එලියට දානවා, ජනතාවගේ මතයයි මම මේ කියන්නේ. මම කියන දෙය අනුවයි ජනාධිපති අපේක්ෂක ලෙස අයෙක් ඉදිරිපත් කරන්නේ එක තමයි ජනතාවගේ මතය” බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූ බැව් එම පුවත්පත පවසයි.

Related posts

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති බැඳුම්කර නඩුවක් කල්යයි

colombotoday

අගමැති මහින්ද මෙවරත් කුරුණෑගලින් !

colombotoday

මෙවර සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මසයේ

colombotoday

තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගත් CCD කොස්තාපල් වෙනත් අංශයකට භාර දෙයි

colombotoday

බෙදුම්වායට යළි ඉඩ නෑ… ජාතික ගීය මින්පසු සිංහලෙන් පමණයි…

colombotoday

නිවර්තන පැසිපික් සාගරයේ ලානිනා තත්ත්වය උදාසීන එල්නිනෝ තත්ත්වයකට

colombotoday