Colombo Today Local News

ඇමති රංගේ බණ්ඩාරගේ පුත්‍රයා ඇප පිට නිදහස්

හලාවත – පුත්තලම මාර්ගයේ බංගදෙණිය – කෝට්ටපිටිය මංසන්ධියේදී සිදුවූ  අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර හට ඇප ලබාදී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

හලාවත මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප ලබාදීමේ නියෝගය නිකුත් කර ඇති අතර ඔහුගේ රියදුරු බලපත්‍රය උසාවිය බාරයට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.

හලාවත – පුත්තලම මාර්ගයේ බංගදෙණිය – කෝට්ටපිටිය මංසන්ධියේදී පසුගිය 6 වනදා මෙම අනතුර සිදුවිය.

අනතුරින් තුවාල ලබා යශෝධ රංගේබණ්ඩාර රෝහල් ගත කෙරුණු අතර පසුව පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගැණිනි.

Related posts

අධිචෝදනා 7573ක් ඇවන්ගාඞ් නඩුව විභාගයට නීතිපති ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

colombotoday

බලාගාර 3කට ඉන්ධන දෙයි

colombotoday

නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත මට මඩ ගහන්න කළ වැඩක්‌ – හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ

colombotoday

උතුරේ හමුදා කදවුරු සහ, කොටි සැමරුම් ගැන උතුරු මහඇමති කොළඹදී කතා කරයි !

colombotoday

ඉන්දියාවෙන් තෙල් නැවක් අද එනවා – අගමැති

colombotoday

ලක්ෂ 3කට විදුලිය නෑ

colombotoday