Colombo Today Local News

පිළිකා එන්නත් මගඩියක්.. වැඩි මිල ටෙන්ඩරයට අනුමැතිය දීලා.. රජයට කෝටි 10ක පාඩුවක්…

අඩු මිල ටෙන්ඩර් දෙකක්‌ යට ගසමින් වැඩි මිල ගණන් යටතේ පිළිකා එන්නත් තොගයක්‌ සැපයීමේ ටෙන්ඩරයකට අවස්‌ථාව ලබා දීමට නිලධාරීන් පිරිසක්‌ කටයුතු කිරීම නිසා රජයට රුපියල් දසකෝටි හතළිස්‌පන් ලක්‍ෂයක මුදලක්‌ අහිමි කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ කීවේය.

පිළිකා රෝගීන්ට ලබා දෙන ට්‍රැස්‌ට්‍රෂුමැබ් නමැති එන්නත මෙසේ වැඩි මිලකට ලබා ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාවේ පිරිසක්‌ කටයුතු කරන බව ඉහත ප්‍රකාශකයා කීවේය.

එන්නත් 1527 ක්‌ මෙසේ මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවා ඇති අතර, එවන් ප්‍රමාණයක්‌ මිලට ගන්නේ නම් අනිවාර්යයෙන් කැබිනට්‌ අනුමැතිය ලබා ගත යුතු බව ද හෙතෙම කීවේය.

කැබිනට්‌ අනුමැතිය ඉල්ලා සිටියොත් සිදු කරන වංචාව හෙළිවන නිසා මෙම එන්නත් තොගය ටෙන්ඩර් තුනක්‌ ලෙස මිල ගණන් කැඳවා ඇත. ඒ අනුව පළමු ටෙන්ඩරය යටතේ එන්නත් 600 ක්‌ ද දෙවැන්න යටතේ එන්නත් 470 ක්‌ ද, තෙවැන්න හදිසි මිලදී ගැනීම ලෙස දේශීය වෙළෙඳපොළෙන් එන්නත් 557 ක්‌ සඳහා ද ටෙන්ඩර් කැඳවා තිබේ.

මේ සඳහා ඉදිරිපත්වී ඇති අඩුම ටෙන්ඩරයේ එක්‌ එන්නතක මිල රුපියල් 67400 කි. මේ සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ද අනුමැතිය ලබා ඇති අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ද ලැබී ඇත. අනෙක්‌ අඩුම ටෙන්ඩරයේ එක්‌ එන්නතක මිල රුපියල් 75,840 කි. ඒ සඳහා ද වෛද්‍ය නිර්දේශය හා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී තිබේ.

වැඩිම ටෙන්ඩරය රුසියාවේ නිපද වූ එන්නතක්‌ වන අතර එහි එක්‌ එන්නතක මිල රුපියල් 1,35,900 කි. මෙම එන්නත සඳහා පසුගිය කාලයේ විශේෂඥ වෛද්‍යවරු විරෝධය ද දැක්‌වහ.

එහෙත් අඩු මිල ටෙන්ඩර් දෙකම යට ගසමින් අදාළ නිලධාරීන් වැඩි මිල ටෙන්ඩරයට අවස්‌ථාව ලබා දී ඇති අතර ඒ අනුව එම ටෙන්ඩරය අවලංගු කිරීමට නොහැකි වන ලෙස ඊට අවශ්‍ය සියලු කටයුතු අද (11 දා) නිම කිරීමට නියමිතය.

ඒ අනුව රුපියල් දස කෝටි විසිනවලක්‍ෂ අනූඅටදහසක මුදලකට ගත හැකිව තිබූ එන්නත් තොගය සඳහා රුපියල් විසිකෝටි හැත්තෑපන්ලක්‍ෂ දහනවදහස්‌ තුන්සියයක මුදලක්‌ වැය කිරීමට සිදුවේ. මේ නිසා මෙවැනිම වූ තවත් එන්නත් තොගයක්‌ මිලට ගැනීමට හැකි රුපියල් දසකෝටි හතළිස්‌ පන්ලක්‍ෂ අනූනවදහසක මුදලක්‌ රජයට අහිමි වන බව ද ඉහත නිලධාරියා ප්‍රකාශ කළේය.

දිවයින

Related posts

ජනක රත්නායක ඉවත් කිරීමේ වාර්තාව පාර්ලිමේන්තුවට

Admin

විල්පත්තු සංහාරය යලි ඇරඹෙයි.. අක්කර 700ක් දැනටමත් ඉවරයි (Video/Photo)

colombotoday

කල්ක්‍රියාව හොඳයි නම්, සිරකරුවන්ට සතියක් නිවාඩු

colombotoday

ලංකාව ඇතුළු රටවල් 12කට සෞදියට ඇතුළුවීම තහනම්

colombotoday

‘ශ්‍රීලනිප පිංගුත්තරයො, පිනට ඇමතිකම් අරන් අගමැති එලවන්න හදනවා’ – ඇමති දිලිප් වෙදආරච්චි

colombotoday

ජාත්‍යන්තර පාසලක සඟවා තිබූ අල්-කුරාන් පොත් 15000 කට සීල් තබයි.

colombotoday