Colombo Today Local News

මදූෂ් සහ අංගොඩ ලොක්කාගේ ගෝලයින් දෙදෙනෙක් මැරුම් කති

වත්තේගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙක් මිය ගියහ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මොවුන් දෙදෙනා මදූෂ් සහ අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයින්ගේ සහයකයින් ලෙස කටයුතු කර ඇති බව ය.

මිය ගිය එක් සැකකරුවෙකු බයිලා නොහොත් රුමල්ෂ ඉරේෂ් මදුෂංක නවගමුව ලෙස හඳුනාගෙන තිබේ.

මොවුන් රනාල, අතුරුගිරිය, හෝමාගම ප්‍රදේශවල කප්පම් මුදල් එකතු කරන්නන් ලෙස කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

සංවිධානාත්මක අපරාධකරුවෙකු පිළිබඳ තොතුරක් පරීක්ෂා කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය අද දහවල් වත්තේගම – තෙල්දෙණිය මාර්ගයේ මඩවල ප්‍රදේශයේදී හදිසි මාර්ග බාධකයක් යොදවා තිබේ.

එහිදී සුඛෝපභෝගී මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී එහි සිටි සැකකරුවන් පොලිස් විශේෂ කාර්ය බලකායට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් තුවාල ලැබූ සැකකරුවන් දෙදෙනා කටුගස්තොට රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී රිවෝල්වරයක් සහ පිස්තෝලයක් ද සොයා ගත් බව ය.

මෙම සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනාට එරෙහිව මනුෂ්‍ය ඝාතන ,මුදල් කොල්ල කෑම් වැනි චෝදනාවලට අදාළව නඩු 11ක් පමණ ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

Related posts

ජනපති සහ ඉන්දීය විදේශ ලේකම් අතර හමුවක්

Admin

ජාතික ජන බලවේගයේ අපේක්ෂක අසූර් ගුවන්විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවයෙන් අන්තවාදය කියා දෙයි.

colombotoday

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය සෙවීමේ ප්‍රගතියක් නැතැයි මානව හිමිකම් සැසියේදී චෝදනා

colombotoday

මැති-ඇමතිවරුන්ට මෙවර අයවැය තේ පාටිය නැහැ

Admin

රණවිරු දඩයම නවතනු! පෙත්සමට නැගෙනහිර භික්ෂූන් වහන්සේලා රුධිරයෙන් අත්සන් තබයි

colombotoday

ප්‍රභාකරන්ට කරගන්න බැරිවුණු දේ සම්බන්ධන් ව්‍යවස්ථාවෙන් කරගනී !!

colombotoday