Colombo Today Local News

කියන්න ලැජ්ජයි.. යහපාලනය ගැන දීප්තිමත්ව කතාකල විද්වතුන්, සිවිල් සංවිධාන ඇලෝෂියස්ගෙන් මුදල් අරගෙන

ප්‍රධාන නියෝජ්‍ය ඇමතිවරු ෆුට් නෝට් දැමූ ලොව කිසිඳු රටක් නොමැති බවත් බැඳුම්කර වාර්තාවේ පිටු 120කින් පිටු 8ක් පමණක් කථානායකවරයා වෙත ලබා දී ඇති බවත් මේ මුදල් ගත් අයට දඬුවම් කිරීමට පෙර හිටපු මහබැංකු අධිපති අරුජුන් මහේන්ද්‍රන්ට විරුද්ධව අධි චෝදනා නැගිය යුතු බවත්, මේ වන තෙක් අධි චෝදනා ගොනු කර නැති බවත්, ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා “Colombo Today රට යන අත” විශේෂාංගයට එක්වෙමින් සඳහන් කර සිටියා.

බැඳුම්කර වාර්තාව ජනාධිපතිවරයාට බාරදීමෙන් පසු එය නීතිපතිවරයාට යොමු කර සෑහෙන කාලයක් ගිය නමුත් තවමන් අධි චෝදනා ගොනු කිරීමට අසමත් වී ඇති බව සඳහන් කර සිටි මහානාමහේවා මහතා අගමැතිවරයා අද පැහැදිලි ලෙසම අර්ජුන් මහේන්ද්‍රන් බේරන බවටද චෝදනා කර සිටියා.

අරක්කු සමාගම්වලින් කෝටි ගණනක මුදල් විසිවෙන බවත් යහපාලනය ගැන දීප්තිමත්ව කතාකල විද්වතුන්ද මුදල් ලබාගෙන ඇති බව කියන්නත් ලැජ්ජා බව ප්‍රකාශ කර සිටි ඒ මහතා දේශපාලනය ජරාජීර්ණ වී ඇති බවත් සඳහන් කර සිටියා. මේ හේතුව මත ජනතාව සිවිල් සංවිධාන ප්‍රතික්ෂේප කරන තත්වයකට පැමිණ ඇති බවත් මෙහිදී සඳහන් කර සිටියා.

Related posts

ඇමති රාජිත ඇවන් ගාඩ් එකෙන් ගත්ත මිලියන 5 ආපසු යවයි (Audio)

colombotoday

කංජිපානි ඉම්‍රාන්ගේ ගෝල ෆයිස් පිච්චි අත්අඩංගුවේ

colombotoday

සුනිල් පෙරේරාගේ අවසන් කටයුතු සඳහා සහභාගී විය හැක්කේ පවුලේ 5 දෙනෙකුට පමණයි.

colombotoday

ඉස්ලාම් සමූහයකට අයත් බැංකු ගිණුම් තහනම් කරයි. Islam Defenders Front සංවිධානයත් ඒ අතර.

colombotoday

ඇමති චම්පිකගේ වාහනයට යටවූ “සන්දීප්ගේ තත්ත්වය බරපතලයි” – ජාතික රෝහල් අධ්‍යක්ෂක

colombotoday

O/L ප්‍රතිඵල නිකුත් වෙයි

Admin