Colombo Today Local News

අමාත්‍යාංශයේ කිසිම වැඩක් නොකර බුද්ධශාසන නියෝජ්‍ය ඇමති ඇතුළු කාර්යමණ්ඩලය පිනට පඩි ගනී.

වර්තමාන යහපාලන ආණ්ඩුව යටතේ බුද්ධශාසනය විනාශ වෙමින් පවතින බවට විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ලවෙන මොහොතක කිසිදු කාර්යභාරයක් නොකර බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය සාරතී දුෂ්මන්ත මැතිතුමා සහ ඔහුගේ කාර්යමණ්ඩලය පිනට වැටුප් සහ අමාත්‍යාංශයෙන් ලබාදෙන පහසුකම් භුක්ති විදින බවට වාර්තා වේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා සහ කාර්යමණ්ඩලය අමාත්‍යාංශය විසින් සිදුකරන කිසිදු වැඩසටහනකට සහයෝගය නොදක්වන අතර ඔහු කාර්යාලයටවත් පැමිණෙන්නේ නැති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

මෙරට ජනතාව බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍යවරයෙක් සිටිනවාදැයි නොදන්නා තරමට පත්ව ඇති අතර යහපාලනය යටතේ ඔහු වෙනුවෙන් ජනතා මුදල් වැය කිරීම කෙතරම් සදාචාරසම්පන්නද යන ගැටලුව මතුවේ.

Related posts

යුද, නාවික නිල ඇදුම් රෙදි සමඟ ලුණුගලදී මුස්ලිම් අයෙක් අත්අඩංගුවට

colombotoday

බැදුම්කර ගනුදෙණුවට රෝසිගේ පුතාගේ සම්බන්ධය හෙළිවූ පලිසේනගේ දුරකථන සංවාදය මෙන්න

colombotoday

පුජිතට සහ නාලකට එරෙහිව පිවිතුරු හෙළ උරුමය ජාතික පොලිස් කොමිෂන් සභාවට

colombotoday

‍රමිත රඹුක්වැල්ලට අධිකරණ නියෝගයක්

Admin

දුමින්ද දිසානායක අලුත් ආණ්ඩුවට එකතු වෙයි… නව අමාත්‍ය ධුරයක දිවුරුම් දෙයි…

colombotoday

වියළි ගංජා කිලෝ 8ක් සමගින් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin