Colombo Today Local News

හකීම් – බදුර්දීන් කැබිනට්ටුවේදී ඇරගනී…

නගර සැලසුම් හා ජල සම්පාදන ඇමැති රාවුෆ් හකීම් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාද් බදියුර්දීන් යන මහත්වරුන් අතර ඊයේ (5) පැවති කැබිනට් රැස්වීමේ දී උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

උතුරේ නැවත පදිංචි කිරිම සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇතිවු මත ගැටුමක් උණුසුම් වචන හුවමාරුවක් දක්වා දුරදිග ගිය බව වාර්තාවේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ උදෑසන පැවති කැබිනට් රැස්වීමේ දී ඇමැතිවරුන් දෙදෙනා එකිනෙකා විවේචනය කර ගත් බව දැනගන්නට තිබේ.

උතුරේ නැවත පදිංචි කිරිම් සඳහා පත්කර ඇති ඇමැති කමිටුවට තමාද ඇතුළත් කර ගන්නැයි රාවුෆ් හකීම් මහතා ඉල්ලා ඇති අතර රිෂාද් බදියුර්දීන් ඇමැතිවරයා ඊට විරෝධය පළකර ඇත.

හකීම් ඇමැතිවරයා එම කමිටුවට ඇතුළත් කරන්නේ නම් තමා ඉන් ඉවත් වන බව රිෂාද් බදියුර්දීන් ඇමැතිවරයා ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ.

රාවුෆ් හකීම් මහතා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන බැවින් ඔහු උතුරේ නැවත පදිංචි කිරිමේ කමිටුවට ඇතුළත් කළ නොහැකි බවද රිෂාද් බදියුර්දීන් ඇමැතිවරයා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එසේ නම් දුමින්ද දිසානායක සහ ෆයිසර් මුස්තාෆා යන ඇමැතිවරුන් දෙදෙනා එම කමිටුව පත් කළේ කෙසේ දැයි හකිම් ඇමැතිවරයා ප්‍රශ්න කර ඇත.

ඊට පිළිතුරු දී ඇති රිෂාද් බදියුර්දීන් ඇමැතිවරයා දුමින්ද දිසානායක ඇමැතිවරයා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවේ උතුරේ සිංහල වැසියන් නැවත පදිංචි කරවීම සම්බන්ධයෙන් සොයා බැලීමට බවත්,ෆයිසර් මුස්තාෆා පත්කළේ පළාත් සභාව සම්බන්ධීකරණයට බවත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.

– ලංකාදීප

Related posts

සෞඛ්‍ය ඇමතිට බෙහෙත් ගන්න ජනපති අරමුදලෙන් කෝටියක් දීලා !

colombotoday

ගෝටාභය ජනාධිපති වීම ස්ථීරයි එය වලක්වන්න බෑ… TNA සුමන්තිරන්

colombotoday

හොරු පනිද්දී සැපට නිදාගත් ලග්ගල පොලීසියේ 3ක් ගෙදර යවයි

colombotoday

අරලියගහ මන්දිරය හිස් කරන්න ඉහළම තැනකින් නියෝග… කාර්යමණ්ඩලය අද රෑ ඉවතට…

colombotoday

මහින්ද සින්නක්කරේටම විකුණුවයි කී ඉඩමේ හැදූ ෂැංග්‍රිල්ලා හෝටලය මෛත්‍රී විවෘත කරයි !

colombotoday

මේ ආණ්ඩුව යටතේ උතුරේ ජනතාව ඉන්නේ බියෙන් කොටි කාලේ අපි ආරක්ෂිතව ජීවත් වුණා.. නැවත LTTE පාලන ක‍්‍රමයක් ඕනේ- විජයකලා

colombotoday