Colombo Today Local News

ශ්‍රීලනිප 16 කණ්ඩායමේ සුදර්ශනී පරදා එජාපයේ ආනන්ද කුමාරසිරි නියෝජ්‍ය කතානායක වෙයි

අද පාර්ලිමේන්තුවේ පැවති රහස් ඡන්දයෙන් නියෝජ්‍ය කතානායකවරයා ලෙස එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද කුමාරසිරි මහතා තේරී පත් විය.

ඔහුට හිමි වූ ඡන්ද ප‍්‍රමාණය 97කි.

ශ්‍රීලනිප විසින් ඉදිරිපත් කරන ලද මන්ත‍්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ලබා ගත්තේ ඡන්ද 53 ක් පමණි.

එක් ඡුන්දයක් ප‍්‍රතික්‍ෂෙප විය.

විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා ශ‍්‍රීලනිපයේ අපේක්ෂකයාට සහය දැක්වීමට එකගතාවය ප‍්‍රකාශ කර සිටියත් පසුව ද්‍රවිඩ සන්ධානයේ මන්ත‍්‍රීවරු එක්ව සාකච්ජාවක නිරත වී ඇති අතර ඉන් පසුව ද්‍රවිඩ ජාතක සන්ධානයේ මන්ත‍්‍රිවරු සභාගැබෙන් ඉවත්වී තිබේ.

ජවිපෙ මන්ත‍්‍රීවරුන් ජන්දය ප‍්‍රකාශකිරීමෙන් වැලකී සිටියහ.

Related posts

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරේ

colombotoday

“යුද ජය ගැන මම පොතක් ලියනවා.. අමාත්‍යාංශ වියදමට කෝටි 59ක් ඕන“ – ෆොන්සේකා

colombotoday

ඩෙල්ටා බෝම්බය පුපුරලා අවසන්.. රනිල් යුද හමුදාව විවේචනය කරන්නේ එයට ඇති බිය නිසා

colombotoday

අස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාවට එන්නත සොයා ගැනීම දුෂ්කරයි. ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග පවසයි.

colombotoday

එක වාහනයයි මාදිවෙල නිවාසයයි තිබුනොත් ඇති

Admin

කෝප් කමිටුව ගිනි ගනියි – හොරු රකින්න එජාපයෙන් වෙනම වාර්තාවක්

colombotoday