Colombo Today Local News

“එළිය“ අතහැර දයාන් මෛත්‍රී සමීපයට… රුසියාවේ තානාපති ධුරයට ?

රාජපක්ෂ පාලන සමයේ රාජ්‍යතන්ත්‍රීක සේවයේ කටයුතු කල ආචාර්ය දයාන් ජයතිලක මහතා රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි විදේශ අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

ව්‍යවස්ථානුකුලව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව සිදුකෙරෙන මෙම පත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා දැනුවත් කර ඇතත් අගමැතිවරයා ගෙන් ඊට විරෝධයක් මතුවී නොමැති බවද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

රුසියාවේ හිටපු තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා සිය සේවා කාලය නිමකර මෙරටට පැමිණීමෙන් පසු මාස කිහිපයක් ම එකී තනතුර පුරප්පාඩු වී තිබිණ.

ආචාර්ය දයාන් ජයතිලක මහතා එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස ද කලක් කටයුතු කළ අයෙකි.

සම්මුතිවාදී ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිතව තිබු ‘ව්‍යවස්‌ථා යෝජනාවලිය’ පරාජය කිරීමේ අරමුණින් ආරක්‌ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාගේ පුරෝගාමීත්වයෙන් ක්‍රියාත්මක වූ ‘එළිය’ නමැති සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු ලෙස දයාන් ජයතිලක මහතා පසුගිය සමයේ කටයුතු කළේය.

Related posts

බස්රථවල ගීත නියාමන යෝජනාවට බස් සංගමයකින් විරෝධය…

colombotoday

ඊයේ කොව්ඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

colombotoday

“ලංකාව-ඉන්දියාව අතර හනුමා පාළමක් හදන්නෑ” මහාමාර්ග ඇමති

colombotoday

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කළ වනජීවි නිලධාරීන්ගේ සංඛේත වැඩ වර්ජනය අවසන්

colombotoday

සම්ප්‍රදායට පිටුපාමින් වෙසක් පොහොය අප්‍රේල් මාසයට යොදා ගැනීම සිදුනොවිය යුත්තක් – මල්වතු පාර්ශවය

colombotoday

ආණ්ඩුව ජනවාරි ජනවරමට පිටුපෑවා. පරාජයට හේතුව ඒකාබද්ධය කියයි

colombotoday