Colombo Today Local News

බෝට්ටුවෙන් ආ තවත් අනවසර සංක්‍රමණිකයන් පිරිසක් මෙරටට ඇතුල් වෙයි

ඉන්දියාවේ සිට අනවසරයෙන් උතුරු මුහුද දෙසට යාත්‍රා කරමින් තිබූ යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී එහි සිටි අනවසර සංක්‍රමණිකයන් 05 දෙනෙකු ඇතුළු 07 දෙනෙකු ඊයේ (03දා) නාවික හමුදා භාරයට ගෙන තිබේ.

කන්කසන්තුරයට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ නාවික සැතපුම් 11ක පමණ දුරකින් මෙම ඩිංගි යාත්‍රාව හමු වී ඇති අතර ඉන්දියාවේ සිට මෙරටට පුද්ගලයන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ එක් ළමයෙකු නාවික හමුදා භාරයට ගැනීමට පියවර ගෙන ඇත.

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් විසින් ඊයේ (03දා) අලුයම සිදු කළ මුරසංචාරයක් අතරතුරදී අදාළ ඩිංගි යාත්‍රාව ඇතුළු සංක්‍රමණිකයන් පිරිස හමුවී ඇති අතර ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයන් සහ ඩිංගි යාත්‍රාව කන්කසන්තුරෙයි පොලීසිය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

මීට පෙර අවස්ථා කිහිපයදී ද මෙසේ අනවසරයෙන් මෙරටට ඇතුල්වීමට තැත් කල පිරිස් අත්අඩංගුවට ගැණුනු අතර, පසුගිය වසරේදී අත්අඩංගුවට ගැනුණු රොහින්ග්‍යා ඉස්ලාම් සංක්‍රමණිකයන්ගේ සිදුවීම මහත් ආන්දෝලනයක් ඇතිකළේය.

Related posts

පාස්කු ප්‍රහාරය: විත්තිකරුවන් 25ට එරෙහි නඩුව විභාගයට ​ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක්

colombotoday

ඊයේ මරණයට පත්වූ රෝගියාට කොවිඩ් ඇතැයි සොයාගෙන ඇත්තේ ඊයේ දිනයේදීයි

colombotoday

“හොරු ඇල්ලීමේ බලය අපිට තිබුණා නම් මහින්ද ඇතුළු නඩේම හිරේ” – අනුර දිසානායක

colombotoday

කොවිඩ් මුස්ලිම් මරණ වැළලීමට රජයෙන් අවසර. | අලි සබ්‍රි තහවුරු කල බව තවුහිඩ් ජමාත් කියයි

colombotoday

නාමල් ට එරෙහි පැමිණිල්ලක් කැඳවීමට දින නියම කෙරේ…

Admin

කෘෂිකර්මයේ සියයට හතරක සහන පොලී අනුපාතයට ණය ලබාදීම නවතයි

colombotoday