Colombo Today Local News

ජවිපෙ 20 මැතිසබෙන් විසිවෙයි

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපක් කළ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සදහා වූ විසි වන ව්‍යවස්ථා සංශෝධනයට තුනෙන් දෙකේ බහුතරය නොලැබී යන තත්ත්වයක් මතුව ඇතැයි දේශපාලන විචාරකයන් පවසති.

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම එම යෝජනාවට විරුද්ධ බව ප්‍රකාශ කර ඇති අතර, ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ද එම යෝජනාවට විපක්ෂ වීමට තීරණය කර ඇත.

එමෙන්ම දැනට ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන්ද, ජාතික හෙළ උරුමයද එම යෝජනාවට එරෙහිවන බව ප්‍රකාශ කර තිබේ.

මේ හේතුවෙන් ජ.වි.පෙ. ඉදිරිපත් කළ 20 වැනි සංශෝධනය මැති සබයේ සම්මත කර ගැනීමට කිසිම අවස්ථාවක් නොලැබෙන බවද විචාරකයන් පෙන්වා දෙති.

Related posts

අකුණු සැර වැදී මැදවච්චියේ ගොවියෙකු මරුට

colombotoday

ජනපතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

Admin

චාරිකාවක් ගිය බසයක් පෙරළෙයි

Admin

කහ උණ ට එන්නත් 2000ක් මේ සතියේ දී දිවයිනට

Admin

මාලිමාණ්ඩුව ක්‍රීඩාංගණයක නම වෙනස් කරන්න යයි

Admin

වැලිකඩ බන්ධනාගාරයේ උද්ඝෝෂණයෙන් කෝටියක දේපළ විනාසයි

colombotoday