Colombo Today Local News

අර්ජුන් ඇලෝසියස්‌ ෆොන්සේකාටත් සල්ලි දීලා

ඉකුත් මැතිවරණ සමයේදී අර්ජුන් ඇලෝසියස්‌ තමාටද රුපියල් ලක්‍ෂයක පමණ මුදලක්‌ ලබාදුන් බව ඇමැති සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

තමා එම මුදල මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදා නොගත් බවත් එය වෙනත් පක්‍ෂයක ආධාරකරුවන්ට ලබාදුන් බවත් හෙතෙම සඳහන් කර සිටියේය.

ඊයේ (30 දා) මහනුවර ප්‍රදේශයේ සංචාරයක්‌ අතරතුර මල්වතු අස්‌ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමින් හෙතෙම මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැති සරත් ෆොන්සේකා මහතා මෙසේද කීවේය.

මගේ අමාත්‍යාංශයේ වැඩකටයුතු කිරීමට මුදල් හිඟයි කියලා මාධ්‍ය වාර්තා පළවුණා. නමුත් කිව යුතුයි එක්‌සත්ජාතීන්ගේ සංවිධානයෙනුත් මගේ අමාත්‍යාංශයට මුදලක්‌ හිමිව තිබෙනවා.

මුදල් හිඟකමක්‌ නොමැති වුවත් පිරිස්‌ බලයේ යම් හිඟතාවයක්‌ තිබෙනවා. ඒවා ඉදිරියේදී පිරවිය යුතුයි.

Related posts

ස්පුට්නික් – V එන්නත් මාත්‍රා 120,000ක් කටුනායකට රැගෙන එයි

colombotoday

ඤාණසාර හිමිගේ ලිපියට බන්ධනාගාර ලොක්කෝ කිපෙයි – සහන ඉවත් කරයි

colombotoday

අද රන්ජන් ට අධිකරණයෙන් ලැබුණු නියෝගය

colombotoday

කොවිඩ් – 19 වෛරසය ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යාප්තිය අභියසට පැමිණිලා.

colombotoday

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මරා දැමීමේ සැලසුමක් ?

colombotoday

ශරියා විශ්වවිද්‍යාලය හදන්න රජයේ ඉඩම් අක්කර 15ක් හොරෙන් අරන් !

colombotoday