Colombo Today Local News

මුස්ලිම් ජනතාවට රාජපක්ෂ පාලනයක් යටතේ බියකින් ජීවත් වීමට ඉඩ තබන්නේ නෑ – ගෝඨාභය රාජපක්ෂ

මුස්ලිම් ජනතාවට රාජපක්ෂ පාලනයක් යටතේ කිසි දිනක බියකින් ජීවත් වීමට ඉඩක් නොතබන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

බේරුවල පැවති ඉස්ලාම් ආගමික උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඉස්ලාම් බැතිමතුන් නව සඳ බැලීමෙන් අනතුරුව සංවිධාන කරනු ලබන රාමසාන් සැමරුම් උත්සවයක් පසුගිය 27 වනදා බේරුවලදි පැවැත් විය.

‘මිල්ෆර් කෆූර්’ පදනම සංවිධාන කළ මෙම රාමසාන් උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතායි.

මේ රටේ ජීවත් වන සෑම දෙනාටම ගෞරවනීය ලෙස ජිවත් වීමට ඉඩ සකස් කිරීම තම ප්‍රතිපත්තිය වන බව ද කියා සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා, සිංහල මුස්ලිම් හා දෙමළ සියලු දෙනාට ආරක්ෂා සහිතව තම ජීවිතය ගෙන යෑමට අවශ්‍ය ආරක්ෂාව රට තුළ ගොඩ නගන බව ද පැවසීය.

කෙසේ වෙතත් එදා බිහි කළ එම තත්ත්වය අද වන විට අවාසනාවකට නොමැති වුවත් ඉදිරියේ දී නැවත අවස්ථාවක් හිමි වන්නේ නම් ආරක්ෂාකාරී හා සංවර්ධිත රටක් ඇති කිරිමට කැපවෙන බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය

Related posts

බස් ගාස්තුව සීයට 10 කින් වැඩිකළේ නැත්නම් 24 දා රෑ සිට වර්ජනයක්

colombotoday

ප්‍රදේශ රැසක සොරකම්වලට සම්බන්ධ 5ක් අත්අඩංගුවේ

colombotoday

ඇමති බැසිලුත් සංචාරයකට රට යයි

colombotoday

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

පසුගිය වසරේ විරැකියාව ඉහළ ගිහින්

colombotoday

ඉන්දියාවෙන් පරණ යකඩ ගෙන්වීමට බදු සහන… ලංකාවේ යකඩ කර්මාන්තය සුන්… ලක්ෂ 3ක් අනාථයි

colombotoday