Colombo Today Local NewsTop Stories

තෙවරප්පෙරුම අනවසර වගාවන්ට ලබා දී ඇති ප්‍රදේශය පුරාවිද්‍යා භූමියක්

මුස්ලිම් ජාතිකයන් පිරිසක් චෛත්‍ය විශාල සංක්‍යාවක් විනාශ කර ඒ මත ගව මඩු සාදා ඇති බවට සහ පුරාවිද්‍යා නටබුන් විනාශ කරමින් නීති විරෝදී ලෙස වගාවන් සිදු කරන බවට විවිධ පාර්ශවයන්හි චෝදනාවට ලක් වුනු, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි සෝමාවතී රක්ෂිතයට යාබද, පුරාවිද්‍යා වටිනාකමින් ඉහල ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය, වනජීවී නීතිය අමු අමුවේම උල්ලංඝනය කරමින් නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම විසින් මෙම විනාශය සිදුකල පුද්ගලයින්ටම වගා කිරීම සඳහා ලබා දී තිබෙනවා.

ඇමති තෙවරප්පෙරුමගේ මෙම නීති විරෝධී සහ චාරයක් නොමැති ක්‍රියාව පිළිබඳව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ අදහස් පළකරමින් “තැන තැන ගොස් නිලධාරීන්ට පහත් ලෙස අසභ්‍ය වචනයෙන් බැනවදිමින් තර්ජනය කරන සහ දැඩි රක්ෂිත වනෝද්‍යාන කැබලි කර බෙදා දෙන වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම අමාත්‍ය ධුරවලින් ඉවත් කරන්නැයි” ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

“වනෝද්‍යාන ආරක්ෂා කළ යුතු ඇමැතිවරයා ඒවා විනාශ කර දැමීමට කටයුතු කරනවා නම් මොකද කරන්නේ. එයට එරෙහි වූ වනජීවී නිලධාරීන්ට තෙවරප්පෙරුම තිත්ත කුණුහරුපයෙන් බැනලා ගහන්නත් හදලා තිබෙනවා” යැයිද එහිදී සඳහන් කර සිටියේය.

Related posts

මගීන් ඉද්මදීම බස් රථයක් ගිනි ගනී

colombotoday

පෙට්‍රල්වලින් භූමිතෙල් ගද වහනය වන බවට රට වටෙන් පැමිණිළි.. IOC බාල තෙල් තොගය හොරෙන්ම ගොඩබෑවාදැයි සැක

colombotoday

2011 ක්‍රිකට් තරග පවාදීමේ චෝදනාව: කුමාර් සංගක්කාරට කැඳවීමක්

colombotoday

රතන හිමිගේ ගුන්ඩුවක් කෑ ආණ්ඩුවේ පක්ෂ 11ක් කළ ඉල්ලීමට ජනපති බෑ කියයි

colombotoday

යහපාලන ආණ්ඩුවේ ලොකුම අඩුපාඩුව ජනපති හොයාගනී

colombotoday

බුලත්සිංහල අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin