Colombo Today Local News

ඇලෝසියස්‌ගෙන් මුදල් ගත් 118 ගේ නම් ජනාධිපති ලේකම් සඟවනවා – දයාසිරිගෙන් චෝදනා

මහ බැංකු බැඳුම්කර වාර්තාවේ මෙතෙක්‌ හෙළි නොකළ පිටුවල අර්ජුන ඇලෝසියස්‌ගෙන් මුදල් සහ විවිධ වරප්‍රසාද ලබාගත් 118 දෙනාගේ නම් ඇති බවත් ජනාධිපති ලේකම්වරයා එම නම් හෙළි නොකර සඟවාගෙන සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (28 වැනිදා) මාධ්‍ය හමුවේ කියා සිටියේය. 04-පිටුවට

එම 118 දෙනා රටට හෙළි කිරීමට ඉදිරි දින දෙක ඇතුළත තොරතුරු දැන ගැනීමේ පනත හරහා ජනාධිපති ලේකම්වරයාට ලිත ඉල්ලීමක්‌ කරන බවද මන්ත්‍රීවරයා කීය.

මැතිවරණයකදී එදා පටන් සෑම ඡන්ද අපේක්‍ෂකයකුටම විවිධ ව්‍යාපාරිකයන්ගෙන් සහ හිත මිතුරන්ගෙන් උපකාර සහ මුදල් ලැබෙන බවත් තමාට අර්ජුන ඇලෝසියස්‌ ලක්‍ෂ දහයක චෙක්‌පතක්‌ ලබාදුන්නේ අල්ලසක්‌ ලෙස නොවන බවත් ඊයේ නිදහස්‌ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා පැවසීය. එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.

අර්ජුන ඇලෝසියස්‌ මගේ මැතිවරණ කටයුතුවලට මුදල් දුන්නා. අධිකරණයේ වාර්තා වූ පරිදි ඔහු මා අමතා තිබෙන්නේ 2015 ජුලි 10 වැනිදා. ඔහුගෙන් ලැබුණු රුපියල් දසලක්‍ෂයේ මුදල් චෙක්‌පත මා මාරු කරවාගෙන තිබුණේ 2015 ජූලි 13 වැනිදා, ඒ වන විට මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුවත් කෝප් කමිටු සාමාජිකයකුවත් නොව මන්ත්‍රීධුර අපේක්‍ෂකයෙක්‌ පමණයි. 2015 අගෝස්‌තු 17 වැනිදා තමා මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත් වුණේ මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවූ 2015 පෙබරවාරි 25 වනවිට මා සිටියේ වයඹ මහ ඇමැති ලෙසයි.

මේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කළ කෝප් කමිටුවේ සාමාජිකයකු ලෙස මා කටයුතු කළා. කෝප් කමිටු විභාගය පැවැත්වෙන විට ඇලෝසියස්‌ මට කතාකර උදව් කරන්න කියා ඉල්ලා සිටියත් මම ඒ සඳහා ඉදිරිපත් වුණේ නැහැ.

අල්ලසක්‌ වශයෙන් මා මුදල් ලබා ගත්තේ නැහැ. එහෙත් කෝප් කමිටු වාර්තාවට අත්සන් කිරීමට පවා රන්ජන් රාමනායක මහතා ආවේ නැහැ. තවත් සමහරු බැඳුම්කරය පිළිබඳ පොත් පවා ලිව්වා.

ආණ්‌ඩුවෙන් ඉවත් වුණ නිසා මා ඇතුළු 16 දෙනාට විශාල මඩ ප්‍රචාරයක්‌ සිදුකරන්න එක්‌සත් ජාතික පක්‍ෂය කටයුතු කරමින් සිටිනවා. ඇලෝසියස්‌ සමඟ ගනුදෙනු කරපු 118 දෙනා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඔවුන් පිළිබඳව බැඳුම්කර වාර්තාවේ මෙතෙක්‌ හෙළි නොකළ පිටුවල සියලු විස්‌තර තිබෙනවා. ඒ නිසා වහාම මේ පිටු එළියට ගෙනත් ඒ සියලු දෙනාම රටට හෙළි කරන ලෙස ජනාධිපති ලේකම්ගෙන් ඉල්ලා සිටිනවා.

Related posts

නිල් බලකායෙන් ගහන්න ආවා.. මං පිස්තෝලේ අරන් දිව්වේ එජාප මන්ත්‍රීලාගේ ආරක්ෂාවටයි – එරාජ් ප්‍රනාන්දු

colombotoday

ඒ කාලේ සෙල්ලං ගෝඨා සමග සල්ලං ! ආරක්ෂකයන්ගේ සිද්ධියට SB සමාව ගනී !

colombotoday

පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධුරය ඇමති ප්‍රසන්නට

colombotoday

නියඟයෙන් වලවේ ගොවිබිම් අක්කර 13,000ක් විනාසයි

Admin

ස්වයංපාලනයක් සමග සම්පූර්ණ ෆෙඩරල් පාලන ක්‍රමයක් ලබා ගැනීම අපේ අභිලාෂයයි – සුමන්තිරන්

colombotoday

ශිවාජිලිංගම්ගේ මහවිරු සැමරුම නිසා කෝපායි හමුදා කදවුර අසල ආරක්ෂාව තර කරයි

colombotoday