Colombo Today Local News

ජනපති හදිසියේම රාජිතගේ වැඩ බලන්න යයි…

දකුණු පළාත තුළ ව්‍යාප්ත වෛරස් උණ රෝගය පාලනය සහ ප‍්‍රතිකාර වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජනපතිවරයා ඊයේ (28) හදිසියේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරීක්ෂණයක නිරතව ඇති බවත් එහිදී මුදල් ප‍්‍රතිපාදන ගැටලූවක් කර නොගෙන රෝගින්ගේ ප‍්‍රතිකාර කටයුතු සහ රෝග ව්‍යාප්තිය පාලනයට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් ලබාදී ඇති බවත් වාර්තා වෙයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කරන නිවේදනයක මේ බව සඳහන් වන අතර එමෙන්ම ප‍්‍රතිකාර කටයුතු සඳහා අවශ්‍ය උපකරණ සහ ඖෂධවල අඩු පාඩු පවතින්නේ නම් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව හදිසි අවශ්‍යතාවයක් සේ සලකා එය ලබාදීමට තමාට හැකි බව ද ජනාධිපතිතුමා සඳහන් කල බවත් එසේ නොමැතිනම් ඒ පිළිබඳ ලේඛනයක් කඩිනමින් තමා වෙත ලබාදෙන ලෙසත් එය අනිද්දා දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අවශ්‍ය අනුමැතිය ලබාගැනීමට හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කළ බවද එම නිවේදනයේ සඳහන්ය.

ප‍්‍රතිකාර කටයුතු සිදුකිරීමේ දී පළාත් රෝහල්වල අඩුපාඩු පවතින්නේනම් ඒවා සපුරාලීම සඳහා අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන කඩිනමින් පළාත් සභා වෙත නිදහස් කිරීමට ද ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දී ඇති බවත් එමෙන්ම කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රමාණවත් පරිදි පහසුකම් නොමැති බවට පළවන මාධ්‍ය වාර්තාපිළිබඳවද ජනාධිපතිතුමා නිලධාරින්ගෙන් කරුණු විමසූ අතර එහිදී එම රෝහලේ ප‍්‍රමාණවත් පහසුකම් මේ වන විට සළසා තිබෙන බව නිලධාරීන් සඳහන් කර ඇති බවද නිවේදනයේ දැක්වේ.

මෙම වෛරස් උණ රෝගය හේතුවෙන් දකුණු පළාතේ පාසල් වසා දැමීමට ද තීරණය කර තිබූ අතර රෝග තත්ත්වය පාලනය කිරීම හේතුවෙන් එවන් අවශ්‍යතාවයක් මතු නොවූ බව වෛද්‍යවරුන් විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබූ බවද සඳහන් කරන එම නිවේදනය අදාළ රෝගය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් රෝගය පැතිරයාමේ අවධානමක් දැනට නොමැති බව ද සෞඛ්‍ය බලධාරින් පෙන්වා දුන් බවත් සඳහන් කරයි.

ඩෙංගු රෝගය පාලනය සඳහා ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරුණු බවත් පසුගිය වසර දෙකට සාපේක්ෂව එහි සියයට 70 ක පමණ අඩුවීමක් සිදුව තිබෙන බව විශේෂඥ වෛද්‍යවරුන් විසින් පෙන්වා දුන් බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

විග්නේෂ්වරන් නැවතත් පන්දම අතට ගනී.. හමුදාවට එරෙහිව ස්විස්ටර්ලන්තයට ගතු කියයි

colombotoday

2020 සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි

colombotoday

අගමැති සුපුරුදු සුවෙන්

colombotoday

මැතිවරණයෙන් දෙවැනියාට කිට්ටු කරන්න බැරි අලුත් වාර්තාවක් තබමින් ජය ගන්නවා

colombotoday

‍රටේ බංකොලොත් ලේබලය අපි ඉවත් කලා-මාලිමා මන්ත්‍රී කියයි

Admin

නාමල්ට පත්තු වෙන අලුත්ම නඩුව?

Admin