Colombo Today Local News

නව නිලධාරී මණ්ඩලයක් සමග ශ්‍රීලනිපය නව ගමනකට සැරසෙයි.. 03 දා ආණ්ඩුවෙන් ඉවතට?

ලබන තුන් වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ථ ලංකා කාරක සභාවේදී ආණ්ඩුවෙන් ඉවත්වීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් හෙතෙම කියා සිටියේ අනෙකුත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ද ආණ්ඩුවෙන් ඉවත් කරගැනීමට කටයුතු කරන බවයි.

පසුගිය 17දා රාත්‍රියේදී රැස්වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී ලබන 03වනදා මධ්‍යම කාරක සභාව හා සමස්ත ලංකා කාරක සභාව කැඳවා තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කිරීමට ද තීරණය කළේය.

පක්ෂයේ ඉදිරි කටයුතු පුර්ණ එකඟත්වය මත සිදුකල යුතු බවත් එහෙයින් පක්ෂයේ තනතුරු සඳහා ඡන්ද විමසීම් සිදුකිරීම නොකළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.

ඒ අනුව තාවකාලික නිලධාරී මණ්ඩලය පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරීමට මාධ්‍ය කාරක සභාවේ අනුමැතිය ලැබී තිබේ.

Related posts

“එජාපයයි, ශ්‍රීලනිපයයි අයියයි මල්ලියි වගේ.. අපි දැන් එකට වැඩ” – සජිත්

colombotoday

කැලණි ගඟට වැටුණු සැරයන්ගේ සිරුර දින 7කට පසු හමුවෙයි

Admin

ගාල්ලේ පෝර්ට් සිටිය හදන්න ඉඩ දෙන්නේ නෑ

Admin

මුද්දුව මැණික් ව්‍යාපාරිකයාගේ පුතාට-මවටත් කොරෝනා

colombotoday

“ගෝඨාභයට ආරක්ෂාව සහ පහසුකම් ලබාදීම රජයක වගකීමක්”

colombotoday

ගෝඨාභය පුටින් වගේ

colombotoday