ආණ්ඩුවේ සිට විපක්ෂයට එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා සම්බන්ධයෙන් තමන්ට සැකයක් පවතින බවත් පසුගිය මැතිවරණ සමයේ බැසිල් රාජපක්ෂට, මහින්ද රාජපක්ෂට එරෙහිව විවිධ ප්‍රචාරයන් ගෙන ගිය ඔවුන් පිළිබඳව සැකයෙන් බැලිය යුතු බවත් මහින්ද පිලේ මන්ත්‍රී රොමේෂ් පතිරණ මහතා පවසයි.
ඒ මහතා මාධ්‍යවෙත අදහස් දක්වමින් සඳහන් කරන්නේ ඔවුන් මේ වනවිට ඉදිරි ජනාධිපතිවරණයට දැමියයුතු අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳවත් ඒ සඳහා මහින්ද පිලේ පුද්ගලයන් යෝජනා කිරීමට පවා පෙළඹී ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.
ඔවුන්ගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමන්ට දැඩි සැකයක් පවතින බවත් ඒ මහතා සඳහන් කරයි.
[fbvideo link=”https://www.facebook.com/lankatruthofficial/videos/1523169054461928/” width=”500″ height=”400″ onlyvideo=”1″]