Colombo Today Local News

රාජ්‍ය ණය රු. බිලියන 5720කින් නගී

මේ වසර (2022) මුල සිට අප්‍රේල් මස අග දක්වා ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 5720.7 කින් වර්ධනය වී ඇත.

මේ අනුව මේ වසර (2022) මුල පැවැති රු. බිලියන 17589.4 ක් වූ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය, මේ වසරේ අප්‍රේල් මස අග වනවිට රු. බිලියන 23310.1 ක් දක්වා වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

මුළු රාජ්‍ය ණය ප්‍රමාණය නියෝජනය කරන මුළු දේශීය ණය ප්‍රමාණය මේ කාලයේදී රු. බිලියන 12442.3 ක් දක්වා රු. බිලියන 1345 කින් සහ මුළු විදේශීය ණය ප්‍රමාණය රු. බිලියන 23310.1 ක් දක්වා රු. බිලියන 4375.6 ක් දක්වාද ඉහළ ගොස් ඇතැයි එම වාර්තාවේ දැක් වේ.

Related posts

සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින නිරෝධායන සිසුන් රැගෙන යාමට ආ ගිලන්රථයට පහර දීලා

colombotoday

කොරෝනා යැයි කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන 20 දෙනාගෙන් 16 ආසාදියින් නොවේ

colombotoday

රොහින්ග්‍යා සංක්‍රමණිකයන්ට විරෝධය දැක්වූවාට අක්මීමන දයාරතන හිමි පොලිසියට කැදවයි !

colombotoday

“කොරෝනා පැණිය රාජ්‍ය ඔසුසල් හරහා නොමිලේ ලබා දෙනවා” – ධම්මික බණ්ඩාර කියයි

colombotoday

රනිල් විරෝධය මැයි රැලියෙන් එළියට.. එජාප ඇමතිලා 17ක් මැයි රැලිය වර්ජනය කරයි !

colombotoday

ජනපතිගේ සර්වපාක්ෂික සමුළුවට සජබත් එයි

Admin