Colombo Today Local News

මේ සජිත්ට ලැබෙන අවසන් අවස්ථාවයි…!

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගැනීමට ඉදිරියට පැමිණීමටත් එක්සත් ජාතික පාක්ෂිකයන් වෙනුවෙන් පෙනී සිටීමටත් සජිත් ප්‍රේමදාස මහතාට ඇති අවසන් අවස්ථාව මෙය බවත් එය එතුමාගෙන් ගිලිහී ගියහොත් මෙවන් අවස්ථාවක් එතුමාට යළිත් කිසි දිනක නොලැබෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පැවැසීය.

අත්තනායක මහතා පෙරේදා (26දා) අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමි වේඬරුවේ උපාලි මහනාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේද කීය.

එක්සත් ජාතික පාක්ෂිකයන් වෙනුවෙන් නායකත්වය දීමට සජිත් ප්‍රේමදාස මහතා මේ අවස්ථාවේ පෙරට පැමිණිය යුතුයි. එසේ නොකර එතුමාත් මඟහරිනවා නම් හෝ එතුමාට කවුරු හරි ඒ අවස්ථාව නොදී ඉන්න කටයුතු කරනවා නම් එය එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ට කරන බරපතළ අසාධාරණයක්. නමුත් සියල්ල බන්දේසියක තබා තමන්ගේ අතට ලැබෙන්නේ නැහැ. එය ලබා ගැනීම සඳහා යම් ක්‍රියාවලියක එතුමාත් නිරත විය යුතුයි. මමත් ඉදිරියේදී ක්‍රියාකාරි දේශපාලනයට පැමිණීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට රටේ මහජනතාව ලොකු වෙනසක් බලාපොරොත්තු වෙනවා. පසුගිය ජනාධිපතිවරණවලදී මහජනතාව ක්‍රියා කළේ, ජනතාව ඡන්දය දුන්නේ බොහෝ බලාපොරොත්තු ඇතිවයි. විධායක ජනාධිපති ධුරය අවසන් කිරීමට අවස්ථා කීපයකදීම ජනතාව ඡන්දය දුන්නා. 1994, 2005, 2015 යන අවස්ථා තුනකදීම මහජනතාව එකම බලාපොරොත්තුවක් ඇතිව ඡන්දය දුන්නා. ඒ ජනතා බලාපොරොත්තු මත පත්වුණු එක ජනාධිපතිවරයෙක්වත් ඒ බලාපොරොත්තු ඉටු කළේ නැහැ. කවුරු හරි කියනවා නම් ජනාධිපති ධුරයේ බලතල අඩු කළා කියලා ඒක මම පිළිගන්නේ නැහැ. එයත් ජනතාව ගොනාට ඇන්දවීමක් පමණයි. ඒ නිසා ඇත්ත කියන පුද්ගලයෙක් මේ රටේ නායකයා කරන්න ජනතාව බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා කවුරුන් ඉදිරිපත් වේවිද කියා කියන්න බැහැ. ගෝඨාභය, රනිල්, කුමාර් සංගක්කාර, පාඨලී චම්පික වගේ නම් සඳහන් වෙනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී මහජනතාව බලාපොරොත්තු වන්නේ ඍජුව වැඩකළ හැකි රටට වැඩදායක නායකයෙක්.එක්සත් ජාතික පක්ෂය යමක් කරයි. වෙනසක් ඇති කරයි කියලා බලා සිටියා. එහෙත් කිසිවක් කරන පාටක් පෙනෙන්න නැහැ. ඒ නිසා මීළඟ මැතිවරණයේදී භේදයකින් තොරව ඉදිරි ගමනක් යා හැකි පක්ෂයක් සහ වේදිකාවක් සොයා ගත යුතුයි. මමත් එවැනි තැනකට එක්ව රට වෙනුවෙන් යමක් කරන්න කැමැතියි.

Related posts

අහුංගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

Admin

කරුණා ගැන ඥානසාර හිමි පැවසු බව සඳහන් කරමින් ව්‍යාජ ප්‍රකාශයක් අන්තර්ජාලයේ

colombotoday

ආණ්ඩුව ගත්ත ගමන් අපේ අය හොරකම් කරන්න ගත්තා.. හොරු අල්ලන්න යනකොට ජනපතිට චෝදනා කිරීම වැරදියි – රන්ජන්

colombotoday

මහ මඟදී රියදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

colombotoday

09 වැනිදා පාසල් ආරම්භ කිරීමට සෞඛ්‍ය නිර්දේශ ඉල්ලයි

colombotoday

කොන්ද පණ ඇතිව තීරණයක් ගනු, අන්තවාදීන් පන්නනු ! කලාකරුවෝ ඇතුළු මහ පිරිසක් ජනපති නිවස ඉදිරිපිට උද්ඝෝෂණයේ…

colombotoday