Colombo Today Local News

බැදුම්කර සමාගමෙන් මිලියන 1189 චෙක්පත් 166ක් දීලා.. දයාසිරිගේ නම හෙලිකරේ ආණ්ඩුවෙන් ගිය නිසා…! අනෙක් චෙක්පත් 165 දුන්නේ කාටද?

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ විධායක නිලධාරී කසුන් පලිසේන සම්බන්ධ නඩුව පසුගිය 24වනදා කැඳවූ අවස්ථාවේදී පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ සහෝදර සමාගමක් වන ‘වොල්ට් ඇන්ඩ් රෝ’ සමාගමෙන් දුන් රුපියල් මිලියනයක චෙක් පතක්, මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ ක්‍රීඩා ඇමතිව සිටි දයාසිරි ජයසේකර මහතා විසින් තම ආරක්ෂක නිලධාරීවරයා මගින් මාරුකරවාගෙන ඇති බව අනාවරණය විය.

මේ වනවිට දයාසිරි ජයසේකර මහතා රනිල් – මෛත්‍රී ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ වාඩි වී සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කර සිටියේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ මුදල් මෙන්ඩිස් සමාගමේ සහ ‘වොල්ට් ඇන්ඩ් රෝ’සමාගමේ ගිණුම්වලට දමා ඇති බවත් එම මුදල්වලින් ඇලෝසියස්ගේ පියාගේ ගිණුමකට බැර කර ඇති රුපියල් මිලියන 1190ක් සෙලාන් බැංකු ශාඛාවක ගිණුමක් මගින් චෙක් පත් 166ක් මගින් විවිධ පුද්ගලයන් වෙත ලබා දී ඇති බවයි.

මෙම කරුණ මීට පෙර මාධ්‍ය හමුවක් කැඳවා තමන් විසින් හෙළිදරව් කළ බව අවධාරණය කරන වසන්ත සමරසිංහ මහතා පවසන්නේ හදිසියේම දයාසිරි ජයසේකර මහතාගේ නම එළියට ඒම තුළින් බැඳුම්කර වංචාවට සෘජුවම හවුල් වූ පර්පෙචුවල් සමාගම විසින් ලබා දුන් එම රුපියල් මිලියන 1190ක මුදලින් එක මිලියනක් ලබා ගත් පුද්ගලයා හෙළි දරව් වී ඇති බව ය. ඒ මන හෙළි කළේ දයා සිරි ජයසේකර මහතා ආණ්ඩුවෙන් ඉවත් වූ නිසාදැයි ප්‍රශ්න කරන වසන්ත සමරසිංහ මහතා ප්‍රශ්න කර සිටින්නේ ඉතිරි රුපියල් මිලියන 1189ක මුදලට සිදු වූයේ කුමක්ද යන්න රටහමුවේ හෙළි දරව් කළ යුතු බවයි.

එමෙන්ම එම මිලියන 1189ක මුදලේ චෙක් පත් 165 බෙදා දෙන ලද්දේ කවුරුන් වෙත යන්නත් එම පුද්ගලයන් කවුරුන්ද යන්න දැන් රට හමුවේ හෙළිදරව් කළ යුතුව ඇති බවත් අවධාරණය කරයි.

එම චෙක් පත් 165 ලබා ගත් පුද්ගලයන් අතර ආණ්ඩුවේ ප්‍රබලයන්ද විය හැකි බවත් ඒ මහතා අවධාරණය කරයි.

Related posts

බන්ධනාගාරය ලොහාන් රත්වත්තේට බාර දෙයි

colombotoday

පාස්කු කොමිෂන් වාර්තාවේ වගකීම කොහෙත්ම අපි භාරගන්නේ නෑ – ඇමති කෙහෙළිය

colombotoday

සිංහල අයගේ මතය අනික් අය බලහත්කාරයෙන් ඔබ්බගන්න ඕනි නෑ. ආදාහනය ගැන අලි සබ්රි කියයි

colombotoday

මත්පැන් බැරලයක් පුපුරා අයෙක් මරුට

colombotoday

කළුගඟේ පාලම් පාරුවක් පෙරලෙයි. එක් අයෙක් අතුරුදන්

colombotoday

යහපාලනය අත්අඩංගුවට ගන්න දස අතේ හොයන උදයංග, යහපාලන ඇමති සමග ජපානයේ !

colombotoday