World

රොහින්ග්‍යා ජාතිකයන් වෙනුවෙන් බුද්ධගයාවට පහරදුන් පස්දෙනෙකුට ඉන්දීය අධිකරණයෙන් දඩුවම්…

2013 වසරේ බුද්ධගයාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය අධිකරණයකින් පුද්ගලයින් 5 දෙනෙකු වරදකරුවන් කෙරිණි.

ඉන්දීය විශේෂ අධිකරණය ඔවුන් වරදකරුවන් බව ප්‍රකාශයට පත් කෙරුණේ, ඊට අදාළ නඩු විභාගය අවසන් කරමිනි.

වරදකරුවන්ට ලබා දෙන දඬුවම් මොනවා ද යන්න ලබන 31 වන දින අධිකරණය මගින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

2013 වසරේ ජූලි 7 වන දින බුද්ධගයාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඉන් එක් සැකකරුවෙකු බාල වයස්කරුවෙකු බැවින් මීට පෙර පරිවාස භාරයට යොමු කර තිබේ.

මියන්මාරයේ රොහින්ගියා මුස්ලිම් ත්‍රස්තවාදීන්ට එරෙහිව එරට රජයේ ක්‍රියාකලාපයට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

Related posts

10 හැවිරිදි එමාගේ විවාහ සිහිනය මිය යන්න පෙර හැබෑ වෙයි

Admin

ක්‍රීඩා පිටියේ, මුස්ලිම් ජාතිකත්වය පෙන්වන්න ගිය තහීර්ට ICCය තරවටු කරයි !

colombotoday

රුසියානු අගමැතිටත් කොරෝනා

colombotoday

වැදගත් කතාවලදී කාන්තාවන් කට වහගෙන ඉන්න – ජපානයෙන් තීරණයක්

colombotoday

ජර්මනිය සෞදි අරාබියට අවි ආයුධ සැපයීම නවත්වයි

colombotoday

පාපන්දු කණ්ඩායමක් රැගත් බස් රථයක් පාලමකින් පහළට පෙරළෙයි

Admin