Colombo Today Local News

රෝසිගේ නිල නිවසේ වැසිකිළිය රෙපෙයාර් කරන්න කෝටි බාගයක් (ලක්ෂ 57ක්) වෙන් කෙරේ

කොළඹ නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් ලක්ෂ 57ක් ලබාදීමට සභාවේ අනුමැතිය අද (16) ලැබුණි.

මීට වසර හතරකට පෙර නවීන උපකරණ සහිතව ඉදි කළ මෙම වැසිකිළි පද්ධතිය යළි සකස් කිරීමට මෙතරම් මුදලක් ලබාදීම සම්බන්ධව මන්ත්‍රීවරු සිය විරෝධය දැක්වූහ.

පිටකොටුව ඇතුළු කොළඹ නගරය තුළ පොදු වැසිකිළි නඩත්තු කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙන බවද එහිදී ඔවුහු පෙන්වා දුන්හ.

මෙහිදී අදහස් දැක් වූ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුමිත් පස්සපෙරුම මහතා සඳහන් කළේ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ පාලන සමයේදී නවීකරණය කළ නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය අවස්ථා කිහිපයකදී පමණක් භාවිත කර තිබුණු බවයි.

මේ සම්බන්ධව අදහස් දැක්වූ කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කළේ තමන් නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය පමණක් නවීකරණය කරන ලෙස ඉල්ලා ඇති බවත්, එම නවීකරණ කටයුතු අවසන් කරන තුරු තමන්ට එහි පදිංචියට යෑමට නොහැකි වී ඇති බවත්ය.

– ada

Related posts

මැතිවරණ නිලධාරීන් තෑගි දෙන්න ආ හිටපු ජනපති හරවා යවයි

colombotoday

රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙන් මානව හිමිකම් කොමසාරිස්ට අභියෝගයක්

colombotoday

ජුලියන් බෝලින් හා ජොනතන් මාටින්ස්ටයින් CID යට

colombotoday

මන්නාරමෙන් ලක්ෂ 50 කහ සහ කේරල ගංජා තොගයක් සොයාගනී

colombotoday

එන අයවැයෙන් රටම හොල්මන් කරනවා – මුදල් ඇමති

colombotoday

අරගල භූමියේ ඉදිකිරීම් ඉවත් කිරීමෙන් වළකින බවට නීතිපතිගෙන් ප්‍රතිඥා

colombotoday