Colombo Today Local News

සජිත් අගමැති කරන්න මංගල වැඩට බහී


එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී එජාප අගමැති අපේක්ෂකයා ලෙස වහාම ප්‍රකාශයට පත් කලයුතු බව එම පක්ෂයේ උප සභාපතිවරයකු වන මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (15) පැවති එම පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බව ‘නිව්ස් ටියුබ්’ වෙබ් අඩවිය වාර්තා කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂකයා ලෙසත් දැන් තියා ප්‍රසිද්ධියට පත් කරමින් ගමින් ගමට – නගරයෙන් නගරයට දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භකළ යුතු බව ඇමතිවරයා එහිදී සඳහන් කර ඇත.

පසුගිය 12 දා මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයන් වෙනුවෙන් පැවැති වැඩසටහනකට එක්වෙමින් ද ඇමති මංගල සමරවීර මහතා පැවසුයේ, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කලයුතු බවයි.

Related posts

යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහි සජබේ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

colombotoday

ආගමික ස්ථාන වල ආරක්ෂාව ඉවත් කල කතා බොරු

Admin

කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමග ප්‍රදේශ කිහිපයක සිදුවන දේ

colombotoday

ජනාධිපති මාධ්‍ය අංශයෙන් භික්ෂුන් වහන්සේලාට එරෙහිව “මඩ” ව්‍යාපාරයක්

colombotoday

නව ඛනිජ තෙල් මිල සංශෝධනය

Admin

රාජකාරියට ගිය පොලිස් නිලධාරීන්ට අලි ගහලා..

Admin