Colombo Today Local News

විමල්ගේ බිරිද ශෂී වීරවංශ අනතුරකට ලක්වෙයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ඇතුළු පිරිසක් ගමන්ගත් ජීප් රථයක් ඊයේ (15දා) සවස 6.00ට පමණ නාත්තන්ඩිය – දංකොටුව මාර්ගයේ මාවතගම ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇති බව වාර්තා වනවා.

වීරවංශ මහත්මිය සිය ඥාතියෙකු වන වෙන්නප්පුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී දිනේෂ් පෙරේරා මහතා ඇතුළු ඥාති පිරිසක් සමග හලාවත මුණ්නේශ්වරම් දේවාලය වැඳ පුදාගෙන යළි පැමිණෙමින් තිබියදී ඔවුන් ගමන්ගත් ජීප් රථය අතුරු මාර්ගයකින් ප‍්‍රධාන මාර්ගයට පිවිසි වාහනයක ගැටී තිබේ.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, වාහනවලට සිදු වූ හානිය පිළිබඳ දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ එම ස්ථානයෙන් පිටව ගොස් ඇතැයි පොලීසිය පැවසීය.

Related posts

ජනපතිගේ ‘ගව ඝාතන තහනමට’ රවීගෙන් බාල්දියක් !

colombotoday

ඉන්ධන කෝටාව ඉහළ දමන්නැයි ධීවරයෝ ඉල්ලති

Admin

බස්නාහිර පළාතට, ඇහැලියගොඩ, කුරුණෑගල නගර සීමාවට, කුලියාපිටියට ඇඳිරිනීතිය දිගටම

colombotoday

උස්බෙකිස්ථානු කාන්තාවක් ගණිකා වෘත්තියේ යෙදවු පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

විදුලිය බිද වැටුනේ තාක්‍ෂණික දෝෂයකින් නොවේ.. ආණ්ඩුව හිතා මතා කල වැඩක්- හිටපු මන්ත්‍රී චමින්ද කියයි

colombotoday

ජනපති රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි

Admin