බස් ගාස්තු සියයට 6.5 කින් වැඩි කිරිමට කැබිනට් මණ්ඩලය අද (15) දහවල් අනුමැතිය ලබා දී ඇත.
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු ද සියයට 6.5 කින් වැඩි කළ යුතු බවට වන යෝජනාව ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණෟඩලය අද දහවල් ජනාධිපති කාර්යාලයේ දී රැස් වු අතර එහිදී මෙම අනුමැතිය ලබාදී ඇත.
දැනට පවතින රුපියල් 10 අවම බස් ගාස්තුව වැඩි නොකිරිමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.