Colombo Today Local News

අගමැති ගන්නවා කි සමෘද්ධි බැංකුව හැරිසන් දෙන්න බෑ කියයි

මොනම හේතුවක් නිසාවත් සමෘද්ධි බැංකුව මහ බැංකුවට පවරා ගැනීමට තමා ඉඩ නොදෙන බව සමාජ සවිබල ගැන්වීම් ඇමැති පී. හැරිසන් මහතා පැවැසීය.

සමෘද්ධි බැංකුව මහ බැංකුව යටත පවරා ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නැති බවත් ඒ පිළිබඳ කිසිවකු සැකයක් හෝ බියක් තබා ගැනීමට අවශ්‍ය නැති බවත් ඇමැතිවරයා පැවැසුවේය.

සමෘද්ධි බැංකුවල කටයුතු විශ්ලේෂණය සඳහා මහ බැංකු නිලධාරියකු සහ භාණ්ඩාගාර නිලධාරියකු පැමිණීමට නියමිත බවද ඔවුන් ඉදිරියේදී මේ පිළිබඳ වාර්තාවක් සැකසීමට නියමිත බවද ඔහු පැවැසුවේය.

සමෘද්ධි බැංකුව මහබැංකුව යටතට පවරා ගන්නැයි තමන් මුදල් අමාත්‍යවරයාට නියෝග කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එජාප මැයිදින රැලිය අමතමින් ප්‍රකාශ කර තිබිණි.

Related posts

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දෛනික කටයුතු 11 සඳුදා ඇරඹෙයි

colombotoday

රුපියල් කෝටි 11කට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක් අත්අඩංගුවේ

colombotoday

ත්‍රස්තවාදී සැකකරුවන් දෙදෙනෙක් නිදහස් කරන ලෙසට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යැයි සඳහන් කණ්ඩායමකගෙන් රජයට බලපෑම්.

colombotoday

තරුණයකු දීර්ඝ කාලයක් සිර කරන්න හොඳ නෑ. සිද්ධිය වෙද්දී බීලා ඉදල තියෙනෙ. එනිසා දුමින්ද සිල්වා නිදහස් කරන්න

colombotoday

වියතුන් 100ක් පාර්ලිමේන්තුවට යවන්න ජනපති සූදානම් !

colombotoday

සටන් පාඨ නවතී.. එසවූ කොඩිවැල් පහත වැටේ.. පාද යාත්‍රාවෙන් හොරගොල්ල සමාධියට හරසර!

colombotoday