Colombo Today Local News

තවත් පුරාවිද්‍යා රක්ෂිතයක් ඩෝසර් කර බිමට සමතලා කර දමයි..

අනුරාධපුර විජිතපුර බලකොටුව ආශ්‍රිත ඉපැරණි පුරාවිද්‍යා බූමියක් ඩෝසර් කර විනාශ කර දැමීමේන් සිදුවීමේ උණුසුම මැකී යැමටත් පෙර පොළොන්නරු දිඹුලාගල ප්‍රදේශයේ ඉපැරණි පුරාවිද්‍යා ස්මාරක රැසක් පිහිටා තිබුණු භූමියක් කිසියම් සංවර්ධන කටයුත්තක් සදහා ඩෝසර් යන්ත්‍ර යොදා විනාශකර තිබෙනවා.

පොළොන්නරුව, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ඇල්ලෙවැව මහවැලි රක්ෂිතයේ ඇති මෙම භූමියෙන් අක්කර 50ක භූමි ප්‍රදේශයක් පෞද්ගලික සමාගමකට වෙන්කර දී ඇති බව සදහන් වනවා.

එම භූමියේ පිහිටා ඇති පුරාවස්තු රැසක් මේ වන විට විනාශ කර දමා ඇති අතර, මෙරට බෞද්ධ සංස්කෘතිය ආරම්භ වූ අනුරාධපුර මුල් යුගයට අයත් යැයි පැවසෙන් ප්‍රාදේශීය බෞද්ධ මධ්‍යස්ථානයක නටඹුන් මෙහි තිබුණු බවට සාක්ෂි ඇති අතර, එම පුරාවස්තු හදුනාගත නොහැකි තරමට ඩෝසර් යන්ත්‍ර යොදා පොළවට සමතලා කර ඇති බවද පැවසෙන අතර මේ වන විට ඉතිරිව ඇත්තේ, විනාශකර දමන ලද ශිලාමය පුවරු. චෛත්‍ය ගඩොල්, ගල් කණු වල ශේෂයන් පමණක් යැයිද වාර්තා වනවා.

Related posts

ප්‍රහාරයක් සදහා සූදානම්ව සිටි 13 ක් ආයුධ සමග අත්අඩංගුවට

colombotoday

මත්කරල් 490 ක් සමඟ අයෙක් අල්ලයි

Admin

ඇමැති ධුරවලින් පැන්නු විමල්-උදය මැතිසබයේ නෑ

colombotoday

බන්ධනාගාර ගත රැදවියන් අපොස. සාමාන්‍ය පෙළ ඉහලින් සමත්.

colombotoday

“සම්බන්ධන්ගේ ෆෙඩරල් කතාව සංහිඳියාවට අගුණයි… අපි විරුද්ධයි” – හෙළ උරුමය

colombotoday

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට විදෙස් ගමන්වලින් වළකින්න ජනපති දැනුම් දෙයි

Admin