Colombo Today Local News

අල්ලස් අරන් මාට්ටු වූ ලොක්කන් දෙදෙනාට අධිකරණය අද දුන් තීන්දුව

කන්තලේ  සීනී සමාගමේ  අබලි ද්‍රව්‍ය ලබා දීමට නිර්දේශ සඳහා  රුපියල් කෝටි  දහයක අල්ලසක් ඉල්ලා ඉන් අත්තිකාරමක් ලෙස  රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගනිද්දී  අත්අඩංගුවට පත් වු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.කේ මහානාම සහ දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (09) නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධ පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී  පැමිණිලිකරුට කොටි බුද්ධි අංශයේ ජෝසප් නැමැත්තෙකු බව කියමින් යමෙකු තර්ජනය කර ඇති හෙයින්  ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කර ඇති බව නීතීඥ අසිත ඇන්තනී  මහතා මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.

මේ පිළිබද  වැඩිදුර විමර්ශනය සඳහා කාලය අවශ්‍ය බව කියමින්  අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමකට අනුව  සැකකරුවන් ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Related posts

දකුණු මුහුදේ දී මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලයි

colombotoday

තොණ්ඩමාන් “දෙමළ අධ්‍යාපන ඇමති“ කිරීම ව්‍යවස්ථාවට පටහැණියි…

colombotoday

රන්ජන්ට ඉගෙනීමට දුන් පරිගණකය බන්ධනාගාර නිලධාරීන් රැගෙන ගිහින්

colombotoday

දේවස්ථානයේ බෝම්බයතබා ඇත්තේ 13හැවරදී දරුවෙක්. තවත් තොරතුරු එළියට

colombotoday

මංත්‍රීවරයෙක්ට අත් වූ ඛේදනීය ඉරණම

Admin

මෛත්‍රීගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ ඇප ඉල්ලීමක් ප්‍රතික්ෂේප වෙයි

colombotoday