Business

“රුපියල් සියයට 3.2 කින් අවප්‍රමාණය වෙලා”- මහ බැංකුව

මේ වසරේ ජනවාරි 1 වැනි දා සිට මැයි 4 දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.2කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මේ අනුව වසරේ මුල් මාස තුන අවසානයේදී සියයට 3කින් අවප්‍රමාණය වී තිබූ රුපියල මුල් මාස හතර අවසන් වනවිට සියයට 3.2කින් අවප්‍රමාණය වී තිබේ.

අප්‍රේල් මස 25 වැනි දා රුපියල මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කළ අතර රුපියල තවදුරටත් අවප්‍රමාණය විය. එදින ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.04ක් දක්වා ඉහළ ගියේය.

ඉහත කාලයේදී ස්ටලින් පවුමකට සාපේක්ෂව රුපියල සියයට 4.1කින් ද, යූරෝවකට සාපේක්ෂව රුපියල සියයට 3.6කින් ද අවප්‍රමාණය වී තිබේ.

පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන දෛනික විනිමය අනුපාත අනුව අද දිනයේදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 158.99ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

Related posts

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වෙයි

colombotoday

ජපන් වාහන යුගය නිමවෙයි.. අඩු ධාරිතාවයේ ඉන්දියානු වාහනවලින් ලංකාව පිරෙයි

colombotoday

ඩොලරයක විකුණුම් මිල 308 ඉක්මවයි

colombotoday

පාරිභෝගිකයන්ට පරණ ජම්බෝ පීනට් කවන්න යද්දී Renuka Foods මාට්ටු. කෝටි දෙකක පීනට් තොගයක් අත්අඩංගුවට

colombotoday

ආයෝජකයෝ රට හැර යති – තිස්ස විතාරණ

colombotoday

නත්තලට සරිලන එලවළු සැපයුමක් ලබා දෙන්න බෑ – නුවරඑලියේ එලවළු ගොවින් කියයි

colombotoday