Colombo Today Local News

අප්‍රේල් පළමුදා සිට ළමා ඉතුරුම් ගිණුම්වලින් රජය 5%ක බද්දක් අයකරලා

රජය නව බදු පනත අනුව ළමා ඉතුරුම් ගිණුම්වලින් 5% ක බදු මුදලක් 2018 අප්‍රේල් පළමු වෙනිදා සිට ලබාගැනීමට කටයුතු කරන බව පාරිභෝගික අයිතිනී සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම තීරණය තරයේ හෙලාදකින බව සදහන් කරන එම සංවිධානය පෙන්වා දෙන්නේ, ළමා ඉතුරුම් ගිණුම් සඳහා ලැබෙන පොලියෙන් 5% ක මුදලක් රජය ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි.

ඉතිහාසයේ ප්‍රථම වතාවට ළමා ගිණුම් වලින් බදු ලබා ගන්නේ මෙම රජය බවයි ඔවුන් වැඩි දුරටත් පවසයි.

බඩු මිල සීඝ්‍ර ලෙස වැඩි කර ඇති මෙම අවස්ථාවේ මෙරට පාරිභෝගිකයා ජීවත් වන්නේ දැඩි අසීරුතා මධ්‍යයේ වූවද තම ළමයින්ගේ අනාගතය ගැන සිතා ඉපයීම් වලින් ළමයින්ගේ බැංකු ගිණුමේ මුදලක් තැන්පත් කිරීමට කටයුතු කරන බවත් එය ළමයින්ගේ අනාගතය සඳහා ඉතිරි කිරීමක් බවත් සඳහන් කරයි.

ළමයාට වයස අවුරුදු 18 පිරෙන තුරු ළමා ගිණුමකින් මුදල් ලබා ගත නොහැකියි. ළමා ඉතුරුම් ගිණුම් වලින් රජය මෙසේ බදු ලබා ගැනීමට කටයුතු කළහොත් ජනතාවගේ ඉතුරුම් අඩු වීමටද හැකි බවද එම සංවිධානය පෙන්වා දෙයි. නව බදු පනත හදුන්වා දීමේදී රජය ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් වලින් බදු ලබා ගන්නේ ලක්ෂ 15 කට වැඩි ගිණුම් වලින් පමණක් වූවත් අප්‍රේල් මස සෑම ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුමකින්ම බදු ලබාගෙන ඇති බවත් සඳහන් කර ඇත.

ළමා ඉතුරුම් ගිණුම් වලින් 5% ක රැදවුම් බද්ද ලබා ගැනීම වහා නවතන ලෙසයි පාරිභෝගික අයිතිනී සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ සිය අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ පෙන්වා දෙන්නේ.

Related posts

අධිකරණයෙන් ආයුධ හමුවීමට සැකපිට 20ක් අත්අඩංගුවට !

colombotoday

මාධ්‍ය ඉදිරියේ පුස් පාට් දාන අබ්දුල් රාසික්ගේ වැඩකිඩ ඉන්දීය මාද්‍ය හෙළිකරයි… පාස්කු ප්‍රහාරයේ තවත් රහසක් එළියට (Video)

colombotoday

නිකවැරටියේ නිවසකත් ගෑස් ටැංකියක් පුපුරයි.

colombotoday

නිමක් නැති කෙනෙහිළිකම්! රණවිරු දරුවන්ට ජනප්‍රිය පාසල්වලත් දොර වැසේ

colombotoday

බිළිඳෙකුට පහර දුන් මවක් අත්අඩංගුවට

colombotoday

හන්තාන රක්‍ෂිතයේ තවත් අක්කර තුන්දහසක් විනාශයි. බලධාරීන්, නිලධාරීන්, ප‍්‍රභූන් අතින් විනාශ වෙන ජාතික උරුම

colombotoday