Colombo Today Local News

ලෙස්ටර්ගේ සම්මානය ඉස්සූ නමගිය හොරු කාටත් නොදැනෙන්න තවත් ගේමක් දීලා…

අසහාය සිනමාකරු, අභාවප්‍රාප්ත ආචර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය අසල තිබූ රණ මයුර සම්මානය සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් 5 දෙනෙක් ඊයේ රාත්‍රිෙය් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඔවුන් රටේ ලියාපදිංචි ගැට කපන්නන් බවයි.

පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන් පවසා තිබෙන්නේ සම්මානය සොරා ගැනීම පිළිබඳව මාධ්‍ය ඔස්‌සේ ලොකු ප්‍රචාරයක්‌ ලැබුන නිසා තමන් බියවූ බවයි.

ඒ නිසා සම්මානය බස් රථයේ දමා ගියා බවත් සම්මානය විකුණන්න උත්සහා නොකළ බවයි සැකකරුවන් පවසා තිබෙන්නේ.

ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ i Phone එක සොරා ගෙන ඇත්තතේත්. මේ කල්ලිය විසින්. ඔවුන් ජංගම දුරකථනය විකුණා තිබෙන අතර එයද පොලිසියේ භාරයට අරගෙන තියෙනවා.

අවමංගල්‍යයට පැමිණි ප්‍රබල දේශපාලනඥයකුගේ මුදල් පසුම්බියත් මෙම සැකකරුවන් සොරකම් කර ඇතැයි පවසා තිබෙන අතර, කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදාල දේශපාලනඥයා පොලිසියට පැමිණිල්ලක්‌ කර නොමැති බවද සදහන්.

Related posts

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව TNAත් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

දුම්රිය ගාස්තු 15%කින් ඉහළට…

colombotoday

බාදුරාගොඩ අල්කයිඩා පවුලම අත්අඩංගුවට

colombotoday

ඉරානයේ ස්ථාන 52කට පහර දෙනවා ! ට්‍රම්ප් මහා යුද්ධයකට සැරසෙයි !

colombotoday

ඇමති චම්පික රණවකට එරෙහිව ප්‍රබල චෝදනාවක් ! (Video)

colombotoday

“විකුණනවාට මම විරුද්ධයි.. වරාය රැකගන්න මට තනියම අමාරුයි.. මා සමග එක්වෙන්න“ – වරාය ඇමති

colombotoday