Colombo Today Local News

විජිතපුර නටඹුන් ඩෝසර් කිරීමට අවසර දී ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරියයි – පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයා කියන කතාව මෙන්න

අනුරාධපුර විජිතපුර බලකොටුව ආසන්නයේ “බැලුම්ගල“ නම් ස්ථානයේ ඉපැරණි නටඹුන් විනාශ කිරීම සදහා අවසර දී ඇත්තේ ඉපලෝගම ප්‍රා දේශීය ලේකම්වරිය බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් පී.බි. මණ්ඩාවල මහතා පවසයි.

ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් සජිදා බානු විසින් අදාල පුරාවිද්‍යා රක්ෂිත භූමියේ ඉඩම නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීම සදහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත අවසරදී ලබා දී ඇති අතර, එම බූමියේ තිබූ දුටුගැමුණු රජ සමයට අයත් මිලකළ නොහැකි අත පෞරාණික ජාතික උරුමයන් ඩෝසර් කර විනාශ කර තිබෙනවා.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරලාවරයා වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, අනිකුත් ප්‍රාදේශීය ලේකම්වරුන් පුරාවිද්‍යා භූමියක ලිදක් කැපිමට අවශ්‍ය වුනත් තමන් දැනුවත් කිරීමට කටයුතු කළත් ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්වරිය පුරාවිද්‍යා බිමේ මෙම නිවාස ව්‍යාපෘතියට අවසර දී ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කිසිදු දැනුවත් කිරීමත් සිදු නොකර බවයි.

ඔවුන්ට එරෙහිව නීතිය අනුව කටුයුතු කරන බවත්, එම ස්ථානය යලි ප්‍රතිසංස්කරණය කිරීමට යන වියදම ඔවුන්ගෙන් අයකරගන්නා බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටී.

[fbvideo link=”https://www.facebook.com/adeesha.isurunatha/videos/837499099776288/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

සිමෙන්ති සංස්ථාවට ඛනිජ තෙල් තොග ගබඩාවෙන් කෝටි 168ක පොල්ලක්

colombotoday

පැය 24ක පොලිස් විශේෂ මෙහෙයුම්වලදී 2,121ක් අත්අඩංගුවේ

Admin

රනිගේ ව්‍යවස්ථා යෝජනා පිළිගනු.. බැරිනම් පුනරුත්ථාපනය වෙනු – දඹර හිමියෝ අස්ගිරි-මල්වතු නාහිමිවරුන්ට ගෑස් පෙන්නයි…

colombotoday

18 හැවිරිදි තරුණියක් සැකකටයුතු ලෙස ජීවිතක්ෂයට

Admin

ජනපතිට ‘අතිගරු’ නැහැ.. කොඩියත් අහෝසියි – වැඩ බලන ජනපති වැඩ අල්ලයි

colombotoday

උලමා සභාව විසින් පැවැත්වූ සාකච්ඡා රැසක හඬපට බොදු බලේට ලැබිලා – රහස් රැසක් එලියට

colombotoday