Colombo Today Local News

කොටදෙණියාව සිසුවාගේ පරීක්ෂණ අලුත් අතකට

2015-10-09_081247

කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කෙරුණු 17 හැවිරිදි පාසල් සිසුවා සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට ලැබුණු පැමිණිල්ලේ පරීක්ෂණ අලුත් මුහුනුවරක් ගෙන තිබෙනවා.

එ් අනුව එහි ඉදිරි විමර්ශන මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කිරීමටයි තීරණය වී ඇත්තේ. එ් මෙම සිද්ධිය ඉතා සංවේදී එකක් වීම හේතුවෙන්.
17 හැවිරිදි පාසල් සිසුවා අත්අඩංගුවට ගැනීම හරහා මානව හිමිකම් කඩවී ඇතැයි ඉකුත්දා ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් වුණා.

එ් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සඳහා 17 හැවිරිදි පාසල් සිසුවා සහ 33 හැවිරිදි එක් හැවිරිදි පියා මානව හිමිකම් කොමිසම හමුවේ ඊයේ (08) පෙනී සිටියා.

පැමිණිල්ලට අදාළ වැඩිදුර විභාගය ලබන සඳුදා පැවැත්වීමට නියමිතයි. එහිදී පැමිණිලි පාර්ශ්වය සහ වගඋත්තරකරුවන් මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිවරයා හමුවට කැඳවීමට නියමිතව තිබෙනවා.

මේ අතර පොලිස් අත්අඩංගුවේදී තමන් පහරකෑමකට ලක් වූ බවට පාසල් සිසුවා සහ එක්දරු පියා සිදුකර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන කි‍්‍රයාත්මකයි.

Related posts

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙනවාද? නැද්ද? | වරාය පොදු සේවක සංගමය පැහැදිලි කිරීමක් ඉල්ලයි

colombotoday

ගල්ගමුවේ නිවසක් තුළ මළ සිරුරු 03 ක්

colombotoday

ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමට අලුත් නීති ගේන්නේ අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූලවයි

Admin

ෆෙඩරල් ව්‍යවස්ථාව පරදන්න චම්පික, විමල්, ගම්මන්පිල එකම වේදිකාවකට !

colombotoday

මුදල් මංගලට, විදේශ කටයුතු රවීට !!

colombotoday

මුස්ලිම් වර්ල්ඩ් ලීගයෙන් ශ්‍රී ලංකා ජනපතිට ඩොලර් මිලියන 05ක පොල්ලක්

colombotoday