Colombo Today Local News

වී නිශ්පාදනය 46%කින් පහත වැටේ… පසුගිය දශකයේ අඩුම වී නිෂ්පාදනය 2017 වසරේ

පසුගිය දශකයේ අඩුම වී නිෂ්පාදනය ගිය වසරේ (2017) දී වාර්තා වූ බවත්, ඒ අනුව ගිය වසරේ වී නිෂ්පාදනය සියයට 46.1 කින් පහත වැටී ඇතැයි පසුගියදා නිකුත් වූ නවතම මහ බැංකු වාර්තාවේ (2017) සඳහන් වේ.

මේ අනුව 2016/17 මහ සහ 2017 යල යන කන්න දෙකෙහි වී නිෂ්පාදනය සැලකිය යුතු ලෙස පහළ යමින් ගිය වසරේ (2017) මුළු වී නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් මිලියන 2,383 ක්‌ දක්‌වා සියයට 46.1 කින් පහත වැටී ඇති බවද එහි දැක්වේ.

මේ හේතුවෙන් 2017 වසරේ සහල් නිෂ්පාදනය ප්‍රමාණවත් දේශීය ඉල්ලුමෙන් මාස අටක්‌ සපුරාලීමට පමණක්‌ බවද ඒ නිසා සහල්වල සිල්ලර මිල ගණන් ඉහළ ගිය බවද මහ බැංකු වාර්තාවේ දැක්‌වේ.

මේ නිසා සහල් සඳහා පනවා තිබූ බදු පහත හෙලීමට සිදුවූ බවත් රටේ සහල් ආනයනය ඉහළ ගිය බවත් තවදුරටත් මහ බැංකු වාර්තාව කියයි.

(දිවයින)

Related posts

මහින්ද පැරදුණේ මුස්ලිම් ඡන්ද නොලැබුණු නිසාද ?

colombotoday

දකුණේ පාතාලයට ආර්පීජී අවියක් ආවේ ගෝඨාභය ඝාතනයටද? එල්ටීටීඊ ත‍්‍රස්තයෙක් ගෝඨාභයට සමීපවෙන තැතක්…

colombotoday

ඇඳිරි නීතිය කඩපු 9067 දඩුවම්

colombotoday

පානදුර මුහුදු තීරයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් අතුරුදන්

colombotoday

අද දුම්රිය 22 ක් අවලංගුයි

colombotoday

බාල්දු වෙන රුපියල ශක්තිමත් කරන හැටි කබ්රාල් කියයි

colombotoday