Colombo Today Local Newsextremism & terrorism activities

මඩකලපුවේ ශරියා විශ්වවිද්‍යාය ගැන අන්තරේ විමසයි

මේ වන විට ආන්දෝලනයට ලක් වෙමින් පවතින මඩකලපුව පූනානි හි ඉදිවෙමින් පවතින් විශ්ව විද්‍යාලය පිළිබදව තොරතුරු විමසමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසම වෙත ලිපියක් යොමුකර ඇත.

එහි ඉගැන්වීමට නියමිත උපාධි පාඨමාලා හා ආයතනයේ හිමිකාරිත්වය පිළිබදව තොරතුරු ලබා දෙන්නැයි එම ලිපිය මගින් ඔවුන් ඉල්ලා තිබේ.

“බැටික්ලෝ කැම්පස්“ නමින් හැදින්වෙන මෙම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයේ සභාපතිත්වය දරන්නේ අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා බව එම ආයතනයේ නිල වෙබ් අඩවියේ සදහන් වේ. ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස පසුගිය රජය සමයේ මෙය ඉදිකිරීම ආරම්භ කර ඇත.

මෙම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ඉදිකිරීම සදහා 2016 අප්‍රේස් මසදී ලොව විශාලතම ඉස්ලාමීය රාජ්‍ය නොවන සංවිධානය වන ජාත්‍යන්තර ඉස්ලාමීය සහන සංවිධානය (IIRO) ජෙඩා මූලස්ථානයේදී අමාත්‍ය හිස්බුස්ලා සහ එම සංවිධානය අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ අතර ඉස්ලාම් ශරීයා නිතිය පිළිබදව B.A.උපාධියක් (Bachelor of Arts in Sharia and Islamic Studies) හැදෑරීමට එම විශ්වවිද්‍යාලයෙන් අවස්ථාව ලබා දෙන බවට එහි නිල වෙබ් අඩවියේ සදහන් කර තිබුණු අතර, මේ පිළිබදව Colombotoday මින් පෙර හෙළිදරව් කරන ලදි, ඉන් පසු සමාජ ජාලා ඔස්සේ ඒ පිලිබදව දැඩි ආන්දෝලනයක් ඇතිවුණු අතර, “ශරියා නීති උපාධිය“ පිළිබද තිබූ සටහන නිල වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට පාලනාධිකාරිය කටයුතු කර ඇත.

ලංකාවෙන් නොමිළේ ශරීයා නීති උපාධියක්.. දැවැන්තම ඉස්ලාම් විශ්වවිද්‍යාලය මඩකලපුවේ ඉදිවේ

Related posts

සියවස් 2ක් නෙදර්ලන්තයේ තිබූ මහනුවර යුගයට අයත් කෞතුක භාණ්ඩ 6ක් යළි මෙරටට

Admin

රු. 23,000ක් වංචා කරලා.. ඌව පළාත් මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

Breaking : පාන්දර 5ට ඇඳිරිනීතිය ඉවත් කෙරෙන ප්‍රදේශ මෙන්න

colombotoday

අරලියගහ මන්දිරය ඉදිරිපිට නවතා තිබූ පොලිස් බස් සහ ලොරි ඉවත් කරයි

colombotoday

අන්තරේ සාමාජිකයින් 16කට ඇප

colombotoday

අමෙරිකාවෙන් රනිල්ට සුබ පතයි – සියලු පාර්ශවවලට උපදෙසක්

colombotoday