Colombo Today Local News

“විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි” – ඒකාබද්ධයේ කැදවුම්කරුත් JVP, NGO, TNA පෙරහැරේ…

විධායක ජනාධිපතිධුරය අහෝසි කල යතුබව තමාද පිලිගන්නා බවත් එම අදහස ඒකාබද්ධ විපක්ෂයේ යෝජනාවක් ලෙස ඉදිරියේදී පක්ෂයට ඉදිරිපත් කරන බවත් ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රසන්න රණත්‍රංග මහතා පවසයි. ඊයේ ගම්පහදී මාධ්‍යවේදියෙකු විධායක ජනාධිපති ධූරය අහෝසි කල යුතු යැයි තැනින් තැන යෝජනා වෙනවා.ඒ පිළිඹඳ ඔබ තුමාලගෙ මතය කුමක්දැයි විමසු අවස්ථාවේදී ඒ මහතා මෙලෙස ප්‍රකාශ කරඇත.

“බලය තියෙන කාලෙදි හැමෝම කිව්ව විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ඕනි කියල.ඒක අහෝසි කරන්න බැරි වුනේ මේ රටේ යුද්ධයක් පැවති නිසා.අද යුද්ධයක් නැති රටේ මේ විධායක ජනාධිපති ධූරය අහෝසිකරන්න ඕනි කියන ස්ථාවරයේ අපි ඉන්නවා.ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමෙදි අපේ මතය කියන්න අපි සූදානම්” යැයි රණතුංග මහතා පැවසීය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබදව ඒකාබද්ධ විපක්ෂය මත දෙකක සිටින අතර, සුළු පිරිසක් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට එකග අතර, ජතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ඇතුළු බහුතරයකගේ මතය වී තිබෙන්නේ 13 වන සංශෝධනය එලෙසම තිබියදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කිසිසේත්ම නොකළ යුත්තක් බවයි.

[fbvideo link=”https://www.facebook.com/lankatruthofficial/videos/1489666347812199/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

පාර්ලිමේන්තුව මල් විලක් කරනවා

Admin

පූජිත පොලිස් සේවයක් වෙනුවෙන් පූජිත්ගේ වගකීම පුරවැසියෙකුගේ ඇසින්

colombotoday

ජීව උණ්ඩ 100ක් සමග අත්අඩංගුවට ගත් අමෙරිකන් ජාතිකයා ඇතුළු දෙදෙනා රිමාන්ඩ්

colombotoday

උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් එළියට… විභාග දෙපාර්තමේන්තුවෙන් තීරණයක්

Admin

අන්තිම මොහොතේ ප්‍රභාකරන් බේරාගැනීමට ඉන්දීයාව කල උත්සාහයක් ගැන හෙළිදරව්වක්…

colombotoday

ලිට්‍රෝ ගෑස් මිල යළි ඉහළට

Admin