Colombo Today Local News

අර්ජුන් ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගම ලක්ෂ 4,445ක හිඟ බදු ගෙවලා !

බැඳුකර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් සමාගම විසින් ගෙවීම් පැහැර හැර තිබූ රුපියල් ලක්ෂ 4,445ක මුදල පසුගිය බදාදා රජයට ගෙවා ඇතැයි වාර්තා වේ.

බදු නොගෙවීම හේතුවෙන් පසුගිය මාස 3ක කාලයක් තිස්සේ මෙම ආයතනයේ නිෂ්පාදන අත්හිටුවා සීල් තබා තිබිණි.

එම කාලය තුළ එහි සේවය කළ ස්ථිර සේවකයන් 250ක පමණ පිරිසක් සඳහා මූලික වැටුප් ගෙවා ඇති බව වාර්තා වේ.
කෙසේවුවද, කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කළ සේවකයන් 100කට පමණ කිසිදු දීමනාවක් ලබාදී නොමැති බවද පැවසේ.
හිඟ බදු මුදල් ගෙවා ඇතත් මෙතෙක් එම ආයතනය විවෘත කිරීමට අවසර හිමිව නොමැති බවද මේ අතර වාර්තා වේ.
එම ආයතනයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට අමාත්‍යංශයේ අවසර ලබා ගැනීමට මේවන විට කටයුතු කරමින් සිටින බව පැවසේ.

Related posts

මදූෂ්ගේ අවසාන කටයුතු සිදුවෙන ආකාරය

colombotoday

මුදල් සංසරණයට නව කාසියක්

colombotoday

උදෑසන පිරිත් ප්‍රචාරයට වාරණයක්..! මහා සංඝරත්නයෙන් රජයට විරෝධය

colombotoday

බැදුම්කර වංචාවෙන් සේවක අර්ථසාධක අරමුදලට කෝටි 1490ක පාඩුවක් !

colombotoday

බෙහෙත් නොදී යාච්ඤා කරයි. – දරුවෙක් මියයයි. මව්පියන් අත්අඩංගුවට.

colombotoday

ඇමරිකාවෙන් ලැබෙන ත්‍යාගය

Admin