Colombo Today Local News

ආගමික ස්ථාන ඉදිකිරීම ගැන එන අලුත් පනතින් වෙන්න යන දේ ගැන හිටපු ජනපති අනතුරු අගවයි

නව ආගමික ස්ථාන ඉදිකිරීම හා පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ගෙන ඒමට නියමිත පනත් කෙටුම්පත ක්‍රියාත්මක වුවහොත් විහාරස්ථානයක් ඉදිකිරීමට නොහැකි තත්ත්වයත් ඇතිවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මෙය ක්‍රියාත්මක වුවහොත් ඉදිරියේදී පන්සලක් ඉදිකිරීමට සර්ව ආගමික කමිටුවකින් අවසර ගත යුතු බවත් එලෙස අවසර ගැනීමට ගියහොත් කිසි දිනක පන්සලක් ඉදිකිරීමට නොහැකි බවනු ඇති බවත් හෙතෙම පවසයි.

මෙම නීති ගෙන ඒමෙන් පසු පන්සලේ නායක හාමුදුරුවන්ට දහම් පාසලක් විවෘත කිරීමට හෝ නොහැකි තත්ත්වයක මතුවන බවද හිටපු ජනාධිපතිවරයා කියා සිටී.

බුදුන් වහන්සේගේ සමයෙන් පසු භික්ෂූන් වහන්සේට නීති පනවන්නේ මෙම රජය පමණක් බවත් සුද්දාත් නොකරපු දේවල් වර්තමානයේ කලු සුද්දන් කරන බවත් හෙතෙම පෙන්වා දෙයි.

Related posts

කුඩා දරුවෙකු සමග අනාරක්ෂිත ඔරුවකින් ඉන්දියාවට පළා ගිය පිරිසක් අල්ලයි

colombotoday

4.00 ට පෙර අධිකරණයේ පෙනී සිටින්න. අධිකරණය මගහැර සිටින රවී කරුණානායකට නියෝග

colombotoday

කාර්යාල වේලාවන්හි බස් රථ ධාවනයේ නව සැලසුමක්

colombotoday

සම්භාෂණ-දේශන-ප්‍රදර්ශන-සංගීත සැණකෙළි-පෙළපාලි නැවත දැනුම්දෙන තුරු තහනම්

colombotoday

මාලිමාවේ පවුල් දේශපාලනයට කිසිම ඉඩක් නෑ

Admin

බුර්කාවක් හැඳගත් පිරිමියෙකු දෙහිවලින් අත්අඩංගුවට

colombotoday