Colombo Today Local News

මීටර් නැති ත්‍රීරෝද අල්ලන්න පොලිසිය සීරුවෙන්… මීටර් නීතිය පිළිපදින්නෑ.. ත්‍රීරෝද සංගමය කියයි

මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා අද සිට ගාස්තු මීටරය අද සිට අනිවාර්ය කර තිබේ.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසන්නේ කිලෝමීටරයක් සඳහා අය කරන ගාස්තුව සම්බන්ධයෙන් මගීන්ට දැනුවත් වීම සඳහා එය ප්‍රදර්ශනය ද අනිවාර්ය බව ය.

ගාස්තු මීටරය නොමැති ත්‍රිරෝද රථ වැටලීම සඳහා පොලීසිය සමග විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද ඔවුන් පවසයි.

මේ අතර ත්‍රීරෝද රථ සඳහා ක්‍රියාත්මක මීටර් නීතිය දැඩි අසාධාරණ එකක් වන අතර එවැනි නීතියක් පිළිපැදීමට සුදානම් නැතැයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමයේ සභාපති එම්.ජේ.දිසානායක මහතා පවසයි.

මෙවැනි නීතියක් මගින් ත්‍රීරෝද රථ කර්මාන්තය කඩා වැටීමකට පත්වන අතර බලධාරීන්ගේ අපේක්ෂාව වී ඇත්තේ මීටර් සමාගම් පොහොසත් කර ඉන් කොමිස් මුදලක් උපයා ගැනීම බවද දිසානායක මහතා සඳහන් කළේය.

කැමති පුද්ගලයින්ට මීටර් සවි කළ හැකි අතර මගීන්ට අවශ්‍ය නම් මීටර් සහිත ත්‍රීරෝද රථ පමණක් භාවිතා කිරීමේ හෝ නොකිරීමේ නිදහසක් තිබෙන බවද සභහපතිවරයා පැවසීය.

Related posts

කුඩු වික්ක ග්‍රාම නිලධාරියෙකු අල්ලයි

Admin

පොලිස් වසම් හා තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

ජනපති නිල මෙහෙවර ගාල්ලට… විවාහ නොවූ පවුල් 49ක් ලියාපදිංචි කෙරේ

colombotoday

ඇසල පුර පස‍ලොස්වක පොහොය අදයි

colombotoday

“මම දුක් මහන්සියෙන් දියුණු වූ මිනිහෙක්.. ගම්මන්පිලට හොද පාඩමක් උගන්වනවා“ – රවී

colombotoday

ජනපති පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කරයි… බහුතරය පෙන්වීම ලබන 16ට කල් යයි…

colombotoday