Colombo Today Local News

ඇමරිකාවේ ප්‍රයෝගයට ආණ්ඩුව අහුවෙලා, දැන් රටත් මුලා කරනවා – ආචාර්ය ගුණදාස අමරසේකර

gunadasa amarasekaraශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අන්තර් ජාතික ප්‍රජාවේ අවසාන අරමුණ මේ රට බෙදා වෙන්කිරීම යෑයි ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවැසීය.

මානව හිමිකම් කඩකිරීම් කළැයි වැනි සියලු චෝදනා කරන්නේ අන්තර් ජාතික ප්‍රජාවේ එම අරමුණ ඉටුකර ගැනීමට බවත් හෙතෙම සඳහන් කළේය.

මහින්ද රාජපක්‌ෂ මහතා යුද්ධය අවසන්කර උතුරු නැගෙනහිර බෙදා වෙන්කළේ නම් යුද අපරාධ හෝ කිසිදු චෝදනාවක්‌ එල්ල නොවන බවත්, එසේ නොකිරීම නිසා විවිධ චෝදනා එල්ල කරන බවත් හෙතෙම කීවේය.

අපට එරෙහිව ඉදිරිපත් කෙරෙන චෝදනා පිළිබඳ පරීක්‌ෂණ දේශීය යාන්ත්‍රණයක්‌ මගින් සිදුකෙරෙන නිසා බියක්‌ ඇති කරගත යුතු නැතැයි කියමින් අධිරාජ්‍යවාදීන්ගෙන් රට බේරාගත් බවට ආණ්‌aඩුව කරන ප්‍රකාශ සම්පූර්ණයෙන් ජනතාව මුලාකිරීමක්‌ බවට හෙතෙම චෝaදනා කළේය.

අන්තර් ජාතික පරීක්‌ෂණය වෙනුවට දේශීය යන ලේබලය ගසා ජිනීවා යෝජනා ඉදිරිපත් කිරීමට ඇමරිකාව පැනලා ඉදිරිපත්වීම ඔවුන්ගේ සූක්‌ෂම ප්‍රයෝගයක්‌ බවත් ඒ ප්‍රයෝaගයට ආණ්‌ඩුව හසුවී ඇති බවත් පැවසූ ගුණදාස අමරසේකර මහතා දේශීය න්‍යායපත්‍රයක්‌ නිසා අප රට තොණ්‌ඩුවටම අසුවී දැන් ඉන් ගැලවීමට නොහැකි බවත් කීවේය.

නාරාහේන්පිට අභයාරාමයේදී පැවති ජාතික එකමුතුවේ මාධ්‍ය හමුවේදී මෙම කරුණු අනාවරණය කළේය. මෙම අවස්‌ථාවට බෙංගමුවේ නාලක සහ මදුරාසියේ ධම්මිස්‌සර හිමිවරු ද වෛද්‍ය වසන්ත බණ්‌ඩාර, ගෙවිදු කුමාරතුංග යන මහත්වරු ද එක්‌වූහ.

Related posts

ඥාණසාර හිමි දම් දෙසුමකට දර්ගාවට වඩී.. ආරක්ෂාව තර කරයි.. කැරළි මර්ධනයත් කැදවයි !

colombotoday

වල් ඌරෙකුයි සිතා කළ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

නඩු බඩු කාමරයේ ගංජා උස්සලා

Admin

රටේ නායකයා රජ රටින්.. හාල් පිටරටින් !

colombotoday

මාධ්‍ය ඉදිරියේ පුස් පාට් දාන අබ්දුල් රාසික්ගේ වැඩකිඩ ඉන්දීය මාද්‍ය හෙළිකරයි… පාස්කු ප්‍රහාරයේ තවත් රහසක් එළියට (Video)

colombotoday

මැණික්හින්න පල්ලිය අසලදී වෙඩි වැදුණු තරුණයකු මහනුවර දැඩිසත්කාර ඒකකයට

colombotoday